මාර්තු 06, 2025
tami eng youtube  twitter facebook

    පෙර පාසැල් වියේ සිට උසස් අධ්‍යාපනය දක්වා දරුවන්ට සුදුසු අතිරේක කියැවීම් පොත් පෙළක්

    පෙබරවාරි 19, 2020

    මේ වන ශීඝ්‍රයෙන් වැඩිවන ළමා අපයෝජන වැළැක්වීමේ අරමුණින් පෙර පාසැල් වියේ සිට උසස් පෙළ දක්වා නව අතිරේක කියැවීම් පොත් පෙළක් සැකසීමට සහ නිර්දේශ කිරීමට අදාළ ක්‍රමවේදය සකස් කිරීම අද පැවති අධ්‍යාපනය සහ මානව සම්පත් සංවර්ධනය පිළිබද ආංශික අධීක්ෂණ කාරක සභාවෙදී සිදුවිය.

    පාර්ලිමේන්තු මන්ත්‍රී මහාචාර්ය ආශු මාරසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් කමිටුව රැස්වු අවස්ථාවේදී මේ පිළිබදව සාකච්ඡා කළ අතර මේ අනුව මිට අදාළ වාර්තාව ලබන 20 වැනිදා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන බව පැවසීය.

    සෞඛ්‍ය විෂය පාසැල්වල හර විෂයක් වශයෙන් නම් කොට වඩා විධිමත් ලෙස ඉගැන්වීමේ වැදගත්කම පිළිබදව මෙහිදී දීර්ඝ ලෙස සාකච්ඡා වු අතර මෙම විෂය යට‍තේ ප්‍රජනක සෞඛ්‍ය සහ ලිංගිකත්වය පිළිබදව ඉගැන්වීමට ගුරුවරුන්ට ද විශේෂ
    පුහුණුවක් ලබා දීමේ වැදගත්කම පිළිබදවත් මෙහිදී සාකච්ඡා විය.
    දැනට ශ්‍රී ලංකාවේ ප්‍රජනක සෞඛ්‍ය සහ ලිංගිකත්වය ඉගැන්වීම ඉතා ප්‍රාථමික මට්ටමක පවතින බවත් මෙය වැඩි දියුණු කිරීම සදහා ගන්නා උත්සාහයන්වලදී ඒවා පිළිබද වැරදි අවබෝධයක් සමාජගත කිරීමට ඇතැම් පාර්ශවයන් කටයුතු කරන බැවින් ලිංගික අපරාධ ඇතුළු බොහෝ සමාජයීය ගැටලු උද්ගතව ඇති බව මෙහිදී බොහෝ විද්වත්හු පෙන්වා දුන්හ.

    ශ්‍රී ලාංකේය සංස්කෘතියට හානි නොවන ලෙස ප්‍රජනක සෞඛ්‍ය සහ ලිංගිකත්වය පිළිබදව ඉදිරියේදී අමතර කියැවීම් ග්‍රන්ථ සම්පාදනයට අදාළ කමිටුවක් සදහා විශේෂඥයන් පත් කිරීම පිළිබද මෙහිදී සාකච්ඡා වු අතර මෙය නියාමනය සදහා අධ්‍යාපන අමාත්‍යාංශය , කාන්තා හා ළමා කටයුතු සමාජ ආරක්ෂණ , සෞඛ්‍ය හා දේශීය වෛද්‍ය අමාත්‍යාංශය සහ උසස් අධ්‍යාපන අමාත්‍යාංශය යන අමාත්‍යාංශවල නියෝජිතයන් පත් කිරීමට ද මෙහිදී තීරණය විය.

    අධ්‍යාපන අමාත්‍යාංශය , ජාතික අධ්‍යාපන ආයතනය ,අධ්‍යාපන ප්‍රකාශන දෙපාර්තමේන්තුව නියෝජනය කරමින් නිලධාරීන් මෙන්ම විශේෂඥ වෛද්‍යවරු , අධ්‍යාපනඥයන් ඇතුළු විද්වත්හු පිරිසක් ද මීට එක්ව සිටියහ.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya