මෙහි දී ඔල්මල්පේ ප්‍රාදේශීය රෝහල, කොළොන්න ප්‍රාදේශීය රෝහල සහ සූරියකන්ද ප්‍රදේශීය රෝහල සෞඛ්‍ය අමාත්‍යතුමිය ඇතුලු අමාත්‍යාංශ නිලධාරීන්ගේ විශේෂ නිරික්ෂණයට ලක් විය. එ් අනුව ඉහත රෝහල්වල පවතින මානව හා භෞතික සම්පත් පිළිබද අවධානය යොමු කළ සෞඛ්‍ය අමාත්‍යතුමිය මානව සම්පත් හිඟය කඩිනමින් විසදීමට අවශ්‍ය කටයුතු සිදු කරන බව ප්‍රකාශ කරන ලද අතර, එම රෝහල්වල සිදු කළ යුතු ක්ෂණික සංවර්ධන කටයුතු සදහා සහ ක්ෂණික අවශ්‍යතාවයන් සදහා රුපියල් ලක්ෂ 100 බැගින් ලක්ෂ 300 ක මූල්‍ය පරිත්‍යාග සිදු කරන ලදි. එමෙන්ම එම රෝහල් සදහා අවශ්‍ය අත්‍යාවශ්‍ය වෛද්‍ය උපකරණ පරිත්‍යාග කිරීම ද මෙහිදී සිදුවිය.
පසුගිය දෙදින රත්නපුර දිස්ත්‍රික්කයේ පදලංගල දිසා රෝහල, පල්ලෙබැද්ද දිසා රෝහල, උඩවලව ප්‍රාදේශීය රෝහල, ඇඹිලිපිටිය දිස්ත්‍රික් මහ රෝහල, ඔල්මල්පේ ප්‍රාදේශීය රෝහල, කොළොන්න ප්‍රාදේශීය රෝහල සහ සූරියකන්ද ප්‍රදේශීය රෝහල යන රෝහල් සදහා රුපියල් මිලියන 04 කට අධික වටිනාකමකින් යුත් අත්‍යාවශ්‍ය වෛද්‍ය උපකරණ ලබාදීමට ද පියවර ගැනුනි.
මෙම අවස්ථාවන්ටට සෞඛ්‍ය අමාත්‍යාංශයේ නිලධාරීන්, ඉහත ප්‍රාදේශිය රෝහල්වල පාලනාධිකාරිය ඇතුලු සෞඛ්‍ය කාර්ය මණ්ඩල එක්ව සිටියහ.