මාර්තු 06, 2025
tami eng youtube  twitter facebook

    ශ්‍රී ලංකා චීන තානාපති කාර්යයාලයේ නව ආරක්‍ෂක උපදේශක ජ්‍යෙෂ්ඨ කර්නල් වන් ඩොන්ග් නාවික හමුදා මූලස්ථානයේ සංචාරයක

    පෙබරවාරි 19, 2020

    ශ්‍රී ලංකා චීන තනාපති කාර්යයාලයේ නව ආරක්‍ෂක උපදේශක, ජ්‍යෙෂ්ඨ කර්නල් වන් ඩොන්ග් මහතා ( පෙබරවාරි 17) නාවික හමුදා මූලස්ථානයේ නිල සංචාරයක නිරත වන ලදි.

    ඒ අනුව, නාවික හමුදා මූලස්ථානය වෙත පැමිණි ශ්‍රී ලංකා චීන තනාපති කාර්යාලයේ නව ආරක්‍ෂක උපදේශක, ජ්‍යෙෂ්ඨ කර්නල් වන් ඩොන්ග් නාවික සම්ප්‍රදායානුකූලව නාවික හමුදා මූලස්ථානය වෙත පිළිගන්නා ලදි. එමෙන්ම ඔහු ආරක්‍ෂක උපදේශක වශයෙන් වැඩ භාර ගැනීමෙන් අනතුරුව නාවික හමුදා මූලස්ථානය වෙත පැමිණි පළමු අවස්ථාව ලෙසද මෙය සනිටුහන් විය.

    මෙහිදී නාවික හමුදාධිපති සහ ශ්‍රී ලංකා චීන තනාපති කාර්යායලයේ නව ආරක්‍ෂක උපදේශකතුමන් වැදගත් කරුණු රාශියක් සම්බන්ධයෙන් සුහද කථාබහක නිරතවූ අතර, මෙම නිල හමුව සනිටුහන් කරමින් සමරු තිළිණ හුවමාරුවක් ද සිදු කෙරුණි.

     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya