නියෝජ්‍ය මාණ්ඩලික ප්‍රධානී සහ උතුරු නාවික විධානය භාර ආඥාපති රියර් අද්මිරාල් කපිල සමරවීර මහතාගේ උපදෙස් මත ශ්‍රී ලංකා නාවික නෞකා උත්තර ආයතනයේ අණදෙන නිලධාරී කපිතාන් මහේෂ් ද සිල්වා මහතා විසින් සංවිධානය කරන ලද මෙම වැඩසටහන විධානයට අනුයුක්ත නාවික පුද්ගලයින්ගේ සෞඛ්‍ය සුභසාධනය වර්ධනය කිරීමේ අරමුණින් සංවිධානය විය.
ඒ අනුව, නියෝජ්‍ය මාණ්ඩලික ප්‍රධානී සහ උතුරු විධානය භාර ආඥාපති රියර් අද්මිරාල් කපිල සමරවීර මහතා ඇතුළු දෙපාර්තමේන්තු ප්‍රධානීන් සහ 350 ක නාවික පිරිසකගෙන් සමන්විතව ශ්‍රී ලංකා නාවික නෞකා උත්තර ආයතනයේ සිට පොන්නාලෙයි හන්දිය දක්වා වන කිලෝමීටර් 17 ක දුර ප්‍රමාණය ගමන් කර මෙම පා ගමන සාර්ථකව අවසන් කරන ලදි.
එමෙන්ම, මෙම වැඩසටහනට සමගාමීව සමාජ සහ සාගර පාරිසරික සංවර්ධන වැඩසටහනක් වශයෙන් පොන්නාලෙයි කළපු ප්‍රදේශයේ කඩොලාන පැල 600 ක් සිටුවීමට ද කටයුතු කරන ලදි. තවද, ශ්‍රී ලංකා නාවික හමුදාව විසින් උතුරු ප්‍රදේශයේ තෝරාගත් ස්ථාන කිහිපයක කඩොලාන ශාක රෝපනය කිරීම සිදු කරන අතර, ඒ සඳහා ප්‍රදේශයේ සිවිල් ජනතාව ද උද්යෝගිමත්ව තම සහයෝගය ලබා දීමට කටයුතු කරනු ලබයි.