මෙහිදී අදහස් දැක් වූ සෞඛ්‍ය අමාත්‍යතුමිය - “මේ රටට නිරෝගීමත් ජනතාවක් බිහි කරන්න ඔබ සියලු දෙනා එක්ව ගන්නා වූ මේ කාර්ය පිළිබදව ඔබ සියළු දෙනාටමත් මේ සදහා සක්‍රීයව සහභාගිවීම ගැන දිවයිනේ සියළු ප්‍රදේශවල දරු දැරියන්ට, පාසල් විදුහල්පතිවරුන්ට ස්තූතිය පුද කරනවා. රටකට අවශ්‍ය මෙවැනි කාර්යයන් කියා මා විශ්වාස කරනවා. මේ වසරේ සෞඛ්‍ය අමාත්‍යාංශය ඖෂධ සදහා ඇස්තමේන්තු ගත කර තිබුනා රුපියල් බිලියන 120 ක් වියදම් වෙනවා කියලා. ඒ රෝහල් හදන්නවත්, පඩි ගෙවන්නවත් නොවෙයි. අපි වගේ මැදි ආදායම් තිබෙන රටකට මෙවැනි මුදලක් දරන්න පුළුවන් ද, එක්කෝ රෝගීන් වැඩිවෙලා. නැත්නම් මොකක් හෝ වෙනසක් සිදු වෙලා තිබෙනවා. අපේ ගම්වල මිනිසුන්ට තමන්ගේ ජිවිතේ ගැන වගකීම අඩුයි. තමන් නිරෝගී වෙලා සිට සියලු දේ කරන්න ඔිනි කියන මතය එ් මිනිසුන් තුල නැහැ. එම නිසා තමන්ට ඇති රෝග පිළිබද පරීක්ෂා කර ගැනීමටත් අනතුරුව ප්‍රතිකාර ලබාගෙන රෝග පාලනය කර ගැනිමටත් ජනතාව තුල පවතින ආකල්පය බොහොම අඩුයි. එම නිසා ජනතාව තමන්ගේ තිබෙන ලෙඩ හදුනා ගැනීමට, ප්‍රතිකාර ලබාගැනීමට යොමු වන්නේ නැහැ. මේ සදහා ජනතාව යොමු කිරිම තුල මේ රෝග පාලනය කළ හැකියි. රෝග පරීක්ෂාවට, ප්‍රතිකාර සදහා ජනතාව යොමු කරවීම නිසා වැළදෙන රෝග වලින් ජනතාව ආරක්ෂා කර ගත හැකි වනවා. එමගින් වියදම් අඩු කර ගත හැකි වෙනවා.”
“ලෝකයේ තිබෙන නරකම රෝගය දියවැඩියාවයි. දියවැඩියාව නිසා ශරීරයේ සෑම අංගයක්ම විනාශ වෙනවා. අපි අපේ පැරණි ආහාර රටාවට යා යුතුයි. තමන්ගේ අහාර සංස්කෘතිය අතහැරිය කිසිම රටක් ලෝකයේ නැහැ. විදෙස් රටකට අපි ගියාම ඔවුන්ගේ සංස්කෘතියට අදාල කෑම කනවා. ලංකාවට ආපුවාම ජිවිතේ ඉතිහාසයට අපි කාපු නැති කොත්තු, පාන් කාලා ලෙඩ වෙනවා. ඒ ඒ රටවල ගහකොළ පැලෑට් වර්ග හැදෙන්නේ ඒ ඒ් රටවල පරිසරය, මිනිසුන් ඒක්ක බද්ධ වෙලා. අපේ ආහාර රටාවට අපි නැවත ගමන් කළ යුතුයි මේ ලෙඩ හැදෙන එක නවත්වන්න. අපි කවදාවත් නූඩ්ල්ස් කාපු ජාතියක් නොවෙයි. අපි බෙහෙත් ගුහාවක් ආහාරයට ගත්තා. අපි කෑමක් හදනකොට ගන්නේ ඉගුරු, කොත්තමල්ලි, දුරු, සුදුළුණු, ගම්මිරිස්, කරපිංචා වගේ බෙහෙත්. ලෝකයේ මැල්ලුම් කන එකම රට අපේ රට. එවැනි විද්‍යාත්මක ඇගට ගුණ ආහාර රටාවක් තිබෙන රටක අපි නූඩ්ල්ස්, රයිස්, කොත්තු කාලා දියවැඩියාවෙන් පටන් අරගෙන මුළු ඇගම විනාශ කර ගන්නා ජාතියක් බවට පත් වෙලා තිබෙනවා. අපේ ජානවලට අනුකූල වූ පරණ ආහාර රටාවට අපේ ජනතාව ගෙන ගියොත් අවුරුද්දකට ලක්ෂ 12000 ක් ඖෂධ වලට වියදම් කරන්න වෙන එකක් නැහැ.”
“අපි නිරෝගී වෙමු” තේමාව ඔස්සේ පාසල් ළමුන් වෙනුවෙන් පැවැති දීප ව්‍යාප්ත රචනා තරගයේ වැඩිම ලකුණු ලබාගනිමින් සිංහල මාධ්‍යයෙන් පළමු ස්ථානය ගාල්ල දිස්ත්‍රික්කයේ ඔිපාත මහා විද්‍යාලයේ සදිනි තෙහංසා සිසුවිය දිනා ගනු ලැබූ අතර, ද්‍රවිඩ මාධ්‍යයෙන් පළමු ස්ථානය කල්මුණේ මජීඩ් පුර විද්‍යාලයේ එෆ්.එෆ් අකීලා සිසුවිය දිනා ගනු ලැබීය. 2018 වසරේ ඇගයුමට අනුව හොදම කාර්ය සාධනයෙන් යුතු “සුවදිවි” මධ්‍යස්ථානය ලෙස කුරුණෑගල වැල්ලව සුවදිවි මධ්‍යස්ථානය ජය හිමිකර ගන්නා ලදි. දෙවන ස්ථානය හම්බන්තොට කාරියමඩිත්ත “සුවදිවි” මධ්‍යස්ථානය හිමිකර ගන්නා ලදි.
තව ද බෝනොවන රෝග පිළිබදව සෞඛ්‍ය අමාත්‍යාංශය සහ ඊට පරිබාහිර වෙනත් ආයතනවල ද සහභාගීත්වයෙන් රැස්වී තීන්දු තීරණ ගන්නා බෝනොවන රෝග කවුන්සිලය ද වර්තමාන සෞඛ්‍ය අමාත්‍යතුමිය පත්වීමෙන් පසු ප්‍රථම වතාවට අද දින රැස්විය එහිදි බෝනොවන රෝග නිවාරණයට, වැළැක්වීමට මුලික අවධානය යොමු විය යුතු බවත් ඒ සදහා පියවර ගැනීම සදහා ගත යුතු ඉදිරි ක්‍රියාමාර්ග පිළිබද දීර්ඝ ලෙස සාකච්ඡාවට ගැනුනි.
මෙම අවස්ථාවට සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ මහතා, අතිරේක ලේකම් (මහජන සෞඛ්‍ය) වෛද්‍ය ලක්ෂ්මි සෝමතුංග මහත්මිය, නියෝජ්‍ය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් (බෝනොවන රෝග) විශේෂඥ වෛද්‍ය චම්පිකා වික්‍රමසිංහ මහත්මිය, අධ්‍යාපන අමාත්‍යාංශයේ සෞඛ්‍ය හා පෝෂණ අංශයේ අධ්‍යක්ෂිකා රේනුකා පීරිස් මහත්මිය, සෞඛ්‍ය අමාත්‍යාංශයේ බෝනොවන රෝග ඒකකයේ අධ්‍යක්ෂ (ප්‍රජා සෞඛ්‍ය) විශේෂඥ වෛද්‍ය වින්ද්‍යා කුමාරපේලි මහත්මිය, පළාත් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂවරු, ප්‍රාදේශීය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂවරු, දිස්ත්‍රික් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂවරු, පාසල් විදුහල්පතිවරු, ගුරුභවතුන්, සිසු දරුදැරියන් ඇතුලු විශාල පිරිසක් ඒක්ව සිටියහ.