කටුනායක ගුවන්තොටුපලේ දී මෙම කාන්තාව පසුගිය දා හඳුනාගත් වහාම ඉතා සුරක්ෂිතව වෛද්‍ය ප්‍රතිකාර සඳහා යොමු කිරීමට සෞඛ්‍ය අංශ කටයුතු කළේ ය.
ශ්‍රී ලංකාවේ සෞඛ්‍ය අංශයේ විශිෂ්ඨත්වය පෙන්නුම් කරමින් ආසාදනයට ලක් වූ කාන්තාව සඳහා ඉහළ ප්‍රතිකාරයක් ලබාදීමට කටයුතු කළ සෞඛ්‍ය අංශ ඇය සම්පූර්ණයෙන් ම සුව තත්ත්වයට පත් කර ඇයගේ ජීවිතය ගලව ගැනීමට සමත් විය.
ප්‍රතිකාර ලබා සුවය ලැබූ කාන්තාව රෝහලෙන් නික්මෙන අවස්ථාවට සෞඛ්‍ය අමාත්‍ය පවිත්‍රා වන්නි ආරච්චි මහත්මිය ද සහභාගී වී සිටියාය.
එමෙන් ම සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ මහතා ඇතුළු රෝහල් කාර්ය මණ්ඩලය ද මේ අවස්ථාවට එක්ව සිටි අතර සියලු දෙනා තම කාර්යභාරය වෙනුවෙන් සතුටු වන ආකාරය දකින්නට ලැබුණි.