වැඩිදුරටත් අදහස් දැක් වු අමාත්‍යවරයා සඳහන් කළේ, විශ්‍රාමිකයන් නිදහස් දුම්රිය බලපත්‍රය නිකුත් කිරිමේ දී මීට පෙර පැවති ක්‍රමවේදය වන්නේ,ග්‍රාම නිලධාරිගේ අත්සන හා ප්‍රාදේශිය ලේකම්වරයාගේ අත්සන් ලබා ගත යුතු බවයි
මෙම සේවාව සෑම දුම්රිය ස්ථානයකින් ම ලබා ගත හැකි බවත්,විශ්‍රාමිකයින්ට උපහාරයක් ලෙසින් මෙම වැඩ පිළිවෙළ ක්‍රියාත්මක වන බවත් අමාත්‍යවරයා පැවසීය. ඉදිරියේ දී දුම්රිය සේවාවන් ශක්තිමත් කිරීමටත් සේවවාන් ලබා දීමටත් පසුබට නොවන බව පැවසු ඇමතිවරයා, හොඳ ප්‍රවාහන සේවාවන් ලබා දිමට ද කටයුතු කරන බව කිය.
නව දුම්රිය මාර්ග ඉදිකිරිම, දුම්රිය මැදිරි එක්කිරීම හා අඩු ආදායම් ලාභින්ට හා රජයේ සේවකයින්ට පමණක් සීමා වු දුම්රිය මැදි ආදායම් ලබන අයටත් දුම්රියේ ගමනාන්තය දක්වා ගමන් කිරීමටත්, මෝටර් රථයෙන් සේවයට ආ අයට දුම්රියෙන් සේවයට ඒමටත්,අවශය සේවවාන් සපයා දී දුම්රිය සේවාව ශක්තිමත් කිරීමට තමා බලාපොරොත්තු වන බව ඇමතිවරයා කීය.
විශ්‍රාමිකයින් සඳහා සෑම අවුරුද්දකම ජිවිත සහතිකය ග්‍රාම සේවකගෙන් සහතික කරගෙන ප්‍රාදේශීය ලෙකම්වරයාගෙන් සහතික කරන ක්‍රමවේදය ද තිබු අතර එය වෙනස් කරමින් නියාමක ව්‍යාපාතියක් ලෙසින් විශ්‍රාම වැටුප් දෙපාර්තමේන්තුව ඇඟිලි සළකුණ එක් අවස්ථාවක දි පමණක් ඇඟිලි සළකුණු යන්ත්‍රයට ලබා දුන් පසුව ග්‍රාමසේවක මහතා ළඟට ගොස් ජිවිත සහතිකය ලබා ගැනීමේ ක්‍රියාවලිය මේ වන විට ක්‍රියාත්මක කර ඇතැයි රාජ්‍ය ගිණුම්කාරක සභාවේ සභාපති රාජ්‍ය අමාත්‍ය ලසන්න අලගියවන්න මහතා අද(19) මේ අවස්ථාවට එක්වෙමින් පැවසීය.
රාජ්‍ය ආයතනවලින් ජනතාවට ලබාදෙන සේවය සරල,පහසු ලෙසින් ලබා දීම වර්තමාන රජයේ ප්‍රතිපත්තිය බවත්, පසුගිය දා තම පදිංචිය සහතික නිමේ ක්‍රමවේදය වෙනස් කරමින් ග්‍රාම සේවකවරයාගේ සහතිකය පමණක් ප්‍රමාණවත් කියන නීතිය රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශය හඳුන්වාදුන් බවත් හෙතතෙම කීය.