රාජ්‍ය ආයතන, පළාත් සභා සහ පළාත් පාලන ආයතනවල මූල්‍ය පාලනය සහ කාර්ය සාධනය පිළිබඳ 2018 මුදල් වර්ෂයට අදාළව මෙම සම්මාන උළෙල පැවැත්වෙන අතර ඒ සම්බන්ධ වාර්තාව ඊයේ(18) දින පාර්ලිමේන්තුවට ඉදිරිපත් කෙරිණි.
මෙම වාර්තාව 2019.12.31 වන දිනට පෙර පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට තිබුණද පාර්ලිමේන්තුව කල් තැබීම හේතුවෙන් එය නියමිත දිනට ඉදිරිපත් කිරීමට නොහැකි වූ බව සඳහන් කල අමාත්‍යවරයා 2015/2016 හා 2017 වසර වලදී මුදල් රෙගුලාසි සහ ආයතන සංග්‍රහය පිළිබඳ අවධානය යොමු කරමින් ආයතන ඇගයිම සිදු කලද 2018 වසරේ දී ආයතන වලට ලබා දුන් ප්‍රශ්ණාවලිය තව දුරටත් පුළුල් කල බව සඳහන් කළේය.වඩා කාර්යක්ෂම රාජ්‍ය සේවයක් ලබා දෙමින් ජනතාවට උපරිම සේවයක් සැලසීමේ අරමුණින් මෙලෙස සිදු කල බවද අමාත්‍යවරයා වැඩිදුරටත් පැවසීය. ඒ අනුව විවිධ අණ පණත් මගින් පැවරුණු කාර්ය ඒ ඒ ආයතන නිසි පරිදි ඉටු කර ඇත්ද යන්න පිළිබඳ මෙන්ම තිරසාර සංවර්ධන ඉලක්ක සඳහා කොතරම් දුරට එම ආයතන ළඟා වී ඇත්ද යන කරුණු පිළීබඳව වැඩි අවධානය යොමු කල බවද අමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කළේය.
මෙහිදී වැඩිදුරටත් අදහස් දැක් වූ අමාත්‍යවරයා පැවසූවේ මානව සම්පත් කළමණාකරණයේදී රාජ්‍ය සේවකයන් පුහුණු කිරීම සඳහා රුපියල් බිලියන 8ක පමණ මුදලක් වෙන් කරන බවත් සෑම රාජ්‍ය සේවකයකුම වසරකට අවම වශයෙන් පැය 12ක පමණ පුහුණුවක් ලබා දිය යුතු බවත් සඳහන් කළේය.මෙවැන් පුහුණු කිරීම් සම්බන්ධයෙන් නිසියාකාර වැඩපිළීවෙලක් බොහෝ ආයතන වල නොමැති බව පැවසූ අමාත්‍යවරයා ඒ පිළිබඳවද අවධානය යොමු කල යුතු බව වැඩිදුරටත් පැවසිය.