අමාත්‍යවරයා මේ බව පැවසුවේ විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා අද (19) පාර්ලිමේන්තුවේ දී ස්ථාවර නියෝග 27(2) යටතේ විමසන ලද ප්‍රකාශයකට පිළිතුරු ලබාදෙමිනි.
මේ සඳහා වරදකරුවන්ට ලබා දෙන දඩුවම් වැඩි කිරීම මෙන්ම ජනතාව දැනුම්වත් කිරීමද අත්‍යාවශ්‍ය බව සඳහන් කළ අමාත්‍යවරයා, කාන්තා හා ළමා අපචාර මැඩ පැවත්වීම සඳහා ක්‍රියාමාර්ග රැසක් ගෙන ඇති බවද ශ්‍රී ලංකා පොලීසියේ ළමා හා කාන්තා අපයෝජන කාර්යංශ 44ක් සහ පොලිස් ස්ථාන ඒකක 498ක් සවිබල ගන්වා ඇති බවද සඳහන් කළේය.
තවද විශේෂ පුහුණුවක් ලත් දේශීය සහ විදේශීය නිලධාරිනියන් එම ඒකකයන්ට අනුයුක්ත කරමින් එම අපරාධ නිවාරණය කිරීම සදහා කටයුතු කරන බවද අමාත්‍යවරයා වැඩිදුරටත් පැවසීය. තවද රාජ්‍ය නිලධාරින් , දෙමාපියන් , සිසුන් විවිධ සමාජ කණ්ඩායම් සම්බන්ධ කරගනිමින් විද්‍යුත් සහ මුද්‍රිත මාධ්‍ය හරහා අවශ්‍ය දැනුම්වත් කිරීම් සිදු කරන බවද අමාත්‍යවරයා වැඩිදුරටත් පැවසීය.
ළමුන් හා කාන්තාවන් අපරාධ වලට යොමු වීම වළක්වා ගැනීම සඳහා බහු විධ ප්‍රවේශයක් තුළින් ක්‍රියාත්මක විය යුතු බව පැවසූ අමාත්‍ය චමල් රාජපක්ෂ මහතා, ඒ සඳහා මෙම විෂය සම්බන්ධ විවිධ රාජ්‍ය නිලධාරින් සහ ශ්‍රී ලංකා පොලීසිය සම්බන්ධ කර ගන්නා බවද කීය.