පාර්ලිමේන්තු මන්ත්‍රී සුනිල් හදුන්නෙත්ති මහතා විසින් සභාව කල්තබන් අවස්ථවේ යෝජනාව ඊයේ (18) සභාවට ඉදිරිපත් කළේ ය. අද දින විවාදය ආරම්භ කළේ,රාජ්‍ය අමාත්‍ය වාසුදේව නානායක්කාර මහතා විසිනි.
විවාදයේ දී අඳහස් දැක්වූ අමාත්‍යවරය;විශේෂ කාරකසභාවක් පත් කොට චෝදනා ගොණුකර බැදුම්කර වංචාව සම්බන්ධ පුද්ගලයන් ගැන ක්‍රියාමාර්ග ගත යුතු බව පැවසිය.වෝහාරික විගණන වාර්තාව මඟින් ඉදිරිපත් කර ඇත්තේ මතුපිට කරුණු පමණක් බවද කී අමාත්‍යවරයා,වෝහාරික විගනන වාර්තාව නඩු පැවරීමට යොදාගත නොහැකි බවද කීය.වෝහාරික විගනන වාර්තාව ඉදිරියට ගෙන මහබැංකු වංචාව යටපත් කිරීමට ඉඩ නොදිය යුතු බවද අමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කළේ ය.