මෙම තල් අයිස් ක්‍රීම් කර්මාන්ත හා සැපයුම් පිළිබඳ අමාත්‍ය විමල් වීරවංශ මහතාට පිළි ගැන්වීම ද මෙහි දී සිදු විය.
මේ අවස්ථාවට සහභාගී වූ ඇමතිවරයා කියා සිටියේ, තල් සංවර්ධන මණ්ඩලය,කර්මාන්ත අමාත්‍යාංශයට පත් වීමෙන් අනතුරුව එහි සභාපතිවරයාට කී දෙය තමයි විශේෂයෙන් උතුර හා නැඟෙනහිර ජනතාවගේ ජීවන චක්‍රය නඟා සිටුවීම සඳහා තල් සංවර්ධන මණ්ඩලය සක්‍රීය භුමිකාවක් ඉටු කළ යුතු බව.ඒ අනුව තමයි, එහි කාර්යය මණඩලයේ උනන්දුව මත ඇලරික්ස් ආයතනයත් සමඟ තල්ආශ්‍රීතව අයිස් ක්‍රීම් නිපදවා මේ රටේ වෙළඳපොළට දැමීමට හැකියාව ලැබී ඇත්තේ.
ඉදිරියේ දී විවිධාංගීකරණය වූ තල් ආශ්‍රීත නිෂ්පාදන වෙළඳපොළට එක්කිරීමට අපිට හැකි වේවියැයි විස්වාස කරනවා. මේ නිසා උතරේ ජනතාවට ය වශාල පිටිවහලක් වෙනවා. එසේම සියලුම සතොස ආයතන මගින් මෙම නිෂ්පාදනය ලබන සතියේ සිට මීල දී ගත හැකි බව ද ඇමති විමල් වීරවංශ පැවසුවේය. අපි හිතනවා, රජයේ ආයතන හා පෞද්ගලික ආයතන එක්වී හැකිතාක් මහජනතාව වෙනුවෙන් යහපත් දෙයක් සිදු කරන්න යැයි ද අමාත්‍යවරයා පැවසීය.