අනවසර ගිනි අවි රජයට භාරදීම සම්බන්ධයෙන් මාධ්‍ය වෙත අඳහස් දක්වමින් බ්‍රිගේඩියර් චන්දන වික්‍රමසිංහ මහතා මෙසේ ද පවසයි.
පොදුසමා කාලය තුළදී අනවසර ගිනිඅවි භාරදීමටද අවස්ථාවක් ලැබුනු අතර, ඒ අවස්ථාව ප්‍රයෝජනයට ගෙන මේ වන කොට ශ්‍රී ලංකා පොලිසිය වෙත ගිණි අවි 200 ක් භාරදී තිබෙන අතර, එම ගිණිඅවි අතර බෝර 12 ගිනිඅවි 37ක් සහ බෝර16 අවි 15 කුත් භාරදීලා තිබෙනවා, කානු දෙක හෙවත් ඩබල් බැරල් කියන අවි වර්ගයෙන් 02 ක් භාරදීලා තිබෙනවා, රිපීටර් අවි භාරදීලා තිබෙනවා 05 ක්, රයිෆල් අවි 06 ක් භාරදීලා තිබෙනවා, රිවෝල්වර භාරදීලා තිබෙනවා 07 ක්, පිස්ටල් වර්ග 08 ක් සහ හඳුනා නොගත් වෙනත් අවි 20 ක් භාරදීලා තිබෙනවා.
මෙම පොදුසමා කාලය තුළ භාරදුන් අවි අතර, යම් අයෙකුට එම ලියාපදිංචිය අලුත්කර ගැනීමට අවශ්‍ය නම් එම ලියාපදිංචි කිරීම සඳහා මාස 03 කාලසීමාවක් ලබාදී තිබෙනවා. එම කාලසීමාව තුලදී ඔවුන්ට එම අවි ලියාපදිංචි කර නැවත ඔවුන් සන්තකයේ තබාගැනීමට අවස්ථාවක් දීලා තියෙනවා. යම් හෙයකින් අනවසර ගිනි අවියක් තම සන්තකයේ තිබුණහොත් නීත්‍යානුකූලව කටයුතු කර ඔවුන්ට දඩයක් සහ වසර 05ක සිර දඩුවමක් විදීමට සිදුවන බව පොලීසිය විසින් දැනුම්දීලා තියෙනවා.