දැනට ක්‍රියාත්මක ශ්‍රී ලංකා සංචාරක සංවර්ධන අධිකාරිය, ශ්‍රි ලංකා සංචාරක ප්‍රවර්ධන කාර්යාංශය, ශ්‍රී ලංකා සම්මුති කාර්යංශය ඒකාබද්ධ කර මෙම නව ආයතනය පිහිටුවීම කෙරෙහි රජයේ අවධානය යොමුව ඇතැයි කාර්මික අපනයන, ආයෝජන ප්‍රවර්ධන, සංචාරක හා ගුවන් සේවා ඇමති ප්‍රසන්න රණතුංග මහතා පවසයි.
මේ සදහා 2005 අංක 38 දරණ සංචාරක කටයුතු පණත සංශෝධනය කිරීමට යෝජනා වී තිබේ. මෙම සංශෝධනය කැබිනට් මණ්ඩල අනුමැතිය සදහා ඉදිරිපත් කිරීමට අපේක්ෂා කරන බව ඇමති ප්‍රසන්න රණතුංග මහතා සදහන් කරයි. සංචාරක ක්ෂේත්‍රයේ සේවාලාභින් සදහා කාර්යක්ෂම හා ඵලදායී සේවාවක් සැපයීමත් සම්පත් අතිරික්තය අවම කිරීමත් මෙහි අරමුණයි.
2005 අංක 38 සංචාරක කටයුතු පණත මගින් සමස්ථ සංචාරක අංශය ප්‍රධාන ආයතන හතරකට බෙදා වෙන් කර ඇත. ඒ අනුව ශ්‍රී ලංකා සංචාරක සංවර්ධන අධිකාරිය ශ්‍රී ලංකා සංචාරක ප්‍රවර්ධන කාර්යාංශය, ශ්‍රි ලංකා සම්මුති කාර්යංශය හා ශ්‍රි ලංකා සංචාරක හා හෝටල් කළමණාකරණ යන ආයතන ස්ථාපිත කර තිබේ. නව සංශෝධනය අනුව ස්ථාපනය කෙරෙන ආයතනය ‘ශ්‍රී ලංකා සංචරණ’ ලෙස නම් කිරීමට නියමිත ය.
මීට අමතරව ශ්‍රි ලංකා සංචාරක හෝටල් කළමණාකරණ ආයතනය උපාධි පිරිනමන විශ්ව විද්‍යාල ආයතනයක් බවට පත් කිරීම කෙරෙහි ද රජයේ අවධානය යොමුව ඇතැයි ඇමති ප්‍රසන්න රණතුංග මහතා පවසයි. සංචාරක හා හෝටල් කළමණාකරණ ආයතනයේ පුහුණු පාඨමාලාවල ගුණාත්මකභාවය තව දුරටත් ඉහළ නැංවීම එහි අරමුණයි. ඒ උසස් අධ්‍යාපන අමාත්‍යංශය හා විශ්ව විද්‍යාල ප්‍රතිපාදන කොමිෂමේ විෂය පථයට ගැනෙන විශ්ව විද්‍යාලයක් බවට පත් කරන්නේ ද නැතහොත් දේශීය හෝ විදේශීය අනුබද්ධ විශ්ව විද්‍යාලයක් බවට පත් කරන්නේ ද යන්න පිළිබදව අධ්‍යනය කරමින් සිටින බව ද ඇමතිවරයා සදහන් කරයි.