ඒ මහතා මේ බව කියා සිටියේ (19) අරලියග හමන්දිරයේ පැවති ශ්‍රී ලංකා තැපැල් දෙපාර්තමේන්තුවේ උත්සවයකට එක්වෙමිනි
එහි දී උත්සව සභාව ඇමතූ රාජ්‍ය අමාත්‍ය ලක්ෂ්මන් යාපා අබේවර්ධන මහතා විසින් අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්‍ෂ මහතාගේ සුභාශිංසන පණිවිඩය ඉදිරිපත් කළේ ය වෙත ඉදිරිපත් කරන ලදී.
ඒ අනුව, 2020 සහශ්‍රයට ගැළපෙන නවීන තාක්ෂණයෙන් සහ පහසුකම් වලින් සමන්විත ව වර්තමාන තැපැල් මූලස්ථාන ස්ථාපිත කිරීම මඟින් විවිධකරණයට භාජනය වූ පරිනත හා කාර්යක්ෂම තැපැල් සේවයක් ඇති කිරීමට හැකි වීම පැසසුමට ලක් වීය යුතු බවත්, තැපැල් කාර්යාල 653 කින් ද උප තැපැල් කාර්යාල 3410 කින් ද, වතු 04 කින් ද, ග්‍රාමීය නියෝජිත තැපැල් කාර්යාල 104 කින් සහ නියෝජ්‍ය තැපැල් කාර්යාල 527 කින් සමන්විත වන තැපැල් දෙපාර්තමේන්තුව ලාංකීය සමාජයේ නියම්ගම් වතු ඇතුළු සැම ප්‍රදේශයකම ගැමි ජනතාවට පවා සමීපතම රාජ්‍ය ආයතනයක් ලෙස කටයුතු කරනු ලබන බවත්, මේ වන විට 23000 ට අධික සංඛ්‍යාවක කාර්යය මණ්ඩලයක් මඟින් සිදු කරන සේවාව ඇති මහත් බවත් අග්‍රාමාත්‍යවරයාගේ සුභාශිංසන පණිවුඩයේ සඳහන් වේ.
එමෙන්ම, තැපැල් කාර්යාල සේවකයින් දීර්ඝ කාලක් තිස්සේ සිදු කරන ලැබූ විශිෂ්ට සේවාව ඇගයීමක්, දිරි ගැන්වීමක් වශයෙන් එම නිළධාරීන් වෙත පළමු පෙළ උසස්වීම ලබා දීමත් මෙම සේවාව උප තැපැල් ස්ථානාධිපතිවරුන් වෙත ප්‍රධානය කිරීමත්, දෙපාර්තම්න්තුවේ නව සන්ධිස්ථානයක් ලෙස සැළකිය හැකි බවත්, මෙලෙස පත්වීම් ලබා සියළු දෙන හට සුභාශිංසන පිරිනමන බව ද, තැපැල් දෙපාර්තමේන්තුව දිනෙන් දින වඩාත් කාර්යක්ෂම සේවාවන් සපයන රාජ්‍ය ආයතනයක් බවට පත්කළ යුතු බව ද අග්‍රාමාත්‍යවරයාගේ එම පණිවුඩයේ සඳහන් වන බව ද රාජ්‍ය අමාත්‍ය ලක්ෂ්මන් යාපා මහතා විසින් සැළ කර සිටියේය.
බඳවාගැනීම් සම්බන්ධව විවිධ බාධාවන් පැවතී නමුත් තැපැල් පතිවරයා විසින් එකී අභියෝගය සාර්ථකව ඉටු කළ බව ද, මෙරට පැවතී පැරණි දෙපාර්තමේන්තුවක් වශයෙන් ඉතාමත්කළ ඉහළින් කටයුතු දෙපාර්තමේන්තුවක්
වශයෙන් නවීන ලෝකයට අනුකූල වන සේ වෙනස් වීය යුතු බවත්, මෙහි දී පෙන්වා දුන් රාජ්‍ය අමාත්‍යවරයා නව රජය මඟින් කිසිසේත්ම තැපෑල
පෞද්ගලිකකරණයට ලක් නොකරන බව තරයේ කියා සිටියේය.
ඒ අනුව තැපෑල ලාභ ලබන ආයතනයක් බවට පත් කර ගැනීමේ අවශ්‍යතාවය මෙහි දී පෙන්වා දුන් රාජ්‍ය අමාත්‍යවරයා ඊට නව ක්‍රමෝපායන් අනුගමනය කරමින් මිනිසුන් ගැවසෙන ස්ථාන බවට පත් කරලීමටත්, පළමුව තැපැල් කාර්යයාල 500 ක් නවීකරණය කිරීමට බලාපොරොත්තු වන බවත්, භාණ්ඩ ප්‍රවාහනය සඳහා ද අවශ්‍ය කටයුතු සිදු කළ යුතු බවටත් මෙහි දී ලක්ෂ්මන් යාපා අබේවර්ධන මහතා කියා සිටියේය.
මෙම අවස්ථාවට අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන, අමාත්‍යංශ ලේකම් චුලානන්ද පෙරේරා, රාජ්‍ය අමාත්‍යංශ ලේකම් මහාචාර්ය සුනන්ද මද්දුම බණ්ඩාර යන මහත්වරුන් මෙන්ම ශ්‍රී ලංකා තැපැල් දෙපාර්තමේන්තුවේ නිළධාරීන් ඇතුළු විශාල පිරිසක් මෙම අවස්ථාවට සහභාගී වූහ.