මාර්තු 06, 2025
tami eng youtube  twitter facebook

    ජාතික ප්‍රතිපත්ති රාමුවෙන් අපේක්ෂා කරනු ලබූ සිය න්‍යාය පත්‍රය සමඟ ස්ථීරවම රජය ඉදිරියට ගමන් කරනවා -සම අනුග්‍රහකත්වයෙන් ඉවත් වීමට තීරණය කළා- අමත්‍ය දිනේෂ් ගුණවර්ධන

    පෙබරවාරි 20, 2020

    සියලු ලාංකිකයන්ගේ හිතසුව පිණිස ආරක්ෂාවේ සහ සංවර්ධනයේ යුගය කරා රට කැඳවාගෙන යෑමට ''රට හදන සෞභාග්‍යයේ දැක්ම'' ජාතික ප්‍රතිපත්ති රාමුවෙන් අපේක්ෂා කරනු ලබූ සිය න්‍යාය පත්‍රය සමඟ ස්ථීරවම රජය ඉදිරියට ගමන් කරන බවත් සම අනුග්‍රහකත්වයෙන් ඉවත් වීමට ශ්‍රී ලංකාව ගත් තීරණය ප්‍රකාශ කිරීමට රජය තීරණය කර ඇති බව සභානායක, විදේශ කටයුතු, නිපුණතා සංවර්ධන හා රැකී රක්ෂා හා කම්කරු අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා අද (20) පාර්ලිමේන්තුවේදී විශේෂ ප්‍රකාශයක් කරමින් පැවසීය.


    සියලු ලාංකිකයන්ගේ හිතසුව පිණිස ආරක්ෂාවේ සහ සංවර්ධනයේ යුගය කරා රට කැඳවාගෙන යෑමට ''රට හදන සෞභාග්‍යයේ දැක්ම'' ජාතික ප්‍රතිපත්ති රාමුවෙන් අපේක්ෂා කරනු ලබූ සිය න්‍යාය පත්‍රය සමඟ ස්ථීරවම රජය ඉදිරියට ගමන් කරනු ඇත.

    අමාත්‍ය මණ්ඩලය තීරණය කළ පරිදී ඉදිරියේ පැවැත්වීමට නියමිත මානව හිමිකම් කවුන්සිලයේ 43 වන සැසිවාරය කෙරෙහි ශ්‍රී ලංකා රජයේ ප්‍රවේශය සම්බන්ධයෙන් අවශ්‍ය කරන රාජ්‍ය තාන්ත්‍රික පැහැදිළි කිරීම් සිදු කිරීමත් අමාත්‍ය මණ්ඩලයේ අනුමතිය ලැබී ඇත.

    2015 ඔක්තෝම්බර් මස 30/1 හා 2017 මාර්තු මස පූර්වගාමී යෝජනා සම්මත අන්තර්ගත කර ගත්තා වූ ඒවා මත පදනම් වූ ශ්‍රී ලංකාවේ සංහිදියා වගකීම් හා මානව හිමිකම් ප්‍රවර්ධනය යන මැයෙන් සම අනුග්‍රහකත්වයෙන් ඉවත් වීමට ශ්‍රී ලංකාව ගත් තීරණය ප්‍රකාශ කිරීමට රජය තීරණය කර ඇත.

    2009 මැයි මස එල් ටී ටී ඊ ත්‍රස්තවාදය පාරාජය කිරිමත් සමග 30 වසරක යුද්ධයෙන් පසු එවකට පැවති රජය සංහිඳියාව අරමුණු කර ගත් දීර්ගකාලීන වැඩපිළිවෙලක් ආරම්භ කළ බවත් සිවිල් ජන ජීවිතය යළි ගොඩනැගිමට සහ රට පෙරළා සාමාන්‍ය තත්වයට පත් කිරීමට කටයුතු කළ බවත් පැවසූ අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා, දේශීයව පිළියෙල කරගත් සංහිඳියා වැඩපිළිවෙලක් ඔස්සේ ප්‍රගතිය අත්පත් කරගනිමින් සිටි මොහොතක මානව හිමිකම් කවුන්සිලයේ සාමාජිකත්වය ලැබූ රටවල් කිහිපයක් ශ්‍රී ලංකාවට එරෙහි යෝජනා කිහිපයක් බලෙන් සම්මත කරගත් බව පැවසීය.

    ඒ අනුව ශ්‍රී ලංකාවේ එම වැඩපිලිවෙළ අත්හැර දැමූ 2015 වසරේ බලයට පත් වූ රජය සම්මත පිළිබඳ විෂය කරගත් ශ්‍රී ලංකාවේ විදේශ ප්‍රතිපත්තියට පටහැනිව එක්සත් ජාතින්ගේ මානව හිමිකම් කොමිසමේ 30/01 යෝජනාව සම්මත කර ගැනීම සඳහා සම අනුග්‍රහකත්වය දැක් වූ බවද කීය. පාර්ලිමේන්තුවේ , අමාත්‍ය මණ්ඩලයේ හෝ ජනතාවගේ හෝ අනුදැනුමකින් තොරව ප්‍රජාත්‍රන්තවාදී මූලධර්මයන්ට පටහැනිව මෙය සිදු කළ බවත් එවකට ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතාගේ හෝ අදහස්‍ විමසීමකින් තොරව මෙය සිදු කර ඇති බවත් අමාත්‍යවරයා පැවසීය.


    මේ හේතුවෙන් රටේ ජාතික ආරක්ෂාවද අනතුරේ හෙලූ බවත් පාස්කු ඉරිදා ප්‍රහාර සඳහා ද මෙය හේතු වූ බවත් සඳහන් කළ අමාත්‍යවරයා, මෙය රටේ ස්වාධිපත්‍යයට සහ අභිමානයට කැළලක් වූ බවද පැවසීය..


    විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පාර්ලිමේන්තුවේදී අදහස් දක්වමින් කියා සිටියේ, මෙරට සෛවරිත්වය සහ ඒකියත්වය ආරක්ෂා කළ හැක්කේ සියලු ආගම් සහ ජාතින් අතර සමගිය ඇති කරමින් බවත් රටේ ජනතාවගේ ආරක්ෂාව සඳහා ඉදිරියේදි කටයුතු කරන බවත් පැවසිය.

    අපේ රටේ ප්‍රගතියට සැකයට භාජනය වී ඇති භයානක අනතුරෙන් රට මුදවාගෙන අලුත් ගමනක් ඇති කිරීමට එක්සත් ජාතීන්ගේ සංවිධනයේ සමඟ වැඩකරන මිත්‍රත්වය එළෙසම ආරක්ෂා කර ගනිමින් කටයුතු කිරීමේ ප්‍රතිපත්තියේ සිට රජය කටයුතු කරන බවද අමාත්‍යවරයා පාර්ලිමේන්තුවට දැනුම් දුන්නේ ය.

    මේ අතර පක්ෂ නායක රැස්වීමක් සඳහා අද පෙරවරු 10.30ට පාර්ලිමේන්තු සභාවේ කටයුතු මද වේලාවකට අත් හිටවන ලදී.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya