මාර්තු 06, 2025
tami eng youtube  twitter facebook

    පාර්ලිමේන්තුව මාර්තු 03 දක්වා කල්තැබේ- අතුරු සම්මත ගිණුම - යෝජනා සියල්ල ඉවත් කර ගනී

    පෙබරවාරි 20, 2020

    ආණ්ඩුව විසින් ඉදිරිපත් කළ අතුරු සම්මත ගිණුම 2020 සඳහා වූ සංශෝධන සියල්ල ඉවත් කර ගන්නා බව සභානායක අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා අද (20) පාර්ලිමේන්තුවේ දී පැවසීය.

    පසුගිය කාල පරිච්ඡේදයතුළ ගන්නා ලද විශාල ණය ප්‍රමාණයක් ගෙවීමට ඇති බවද රෝහල් වල බෙහෙත් මිළදී ගැනීම, පොහොර මිළදී ගැනීම ඇතුළු සංවර්ධන කටයුතු සඳහා විරුද්ධ පක්ෂය ලබා ගත් ණය මුදල් කිසිවක් ගෙවා නැති බවත් මහජනතාවගේ එදිනෙදා අවශ්‍යතා වෙනුවෙන් මේ යෝජනාවද ඉදිරිපත් කළ බවත් අමාත්‍යවරයා මේ පිළිබඳව අඳහස් දක්වමින් පැවසීය.

    තවද නීතිපතිතුමා විසින් එම යෝජනාව නීත්‍යානුකූල බව දන්වා ඇති අතර මෙම යෝජනාවට විරුද්ධ වීමට විරුද්ධ පක්ෂය තීරණය කර ඇති බවත් එබැවින් මෙම තීරණය ගත් බවත් සභානායකවරයා වැඩිදුරටත් සඳහන් කළේය.

    මෙම යෝජනාව මහජනතාවගේ අවශ්‍යතා වෙනුවෙන් ගෙන එන බවත් එහෙත් විපක්ෂය ඒ සඳහා සහය ලබා නොදෙන බැවින් එම යෝජනාව ඉදිරිපත් නොකරන බවද ඒ මහතා වැඩිදුරටත් පැවසීය.

    මෙහිදී පළමු යෝජනාවට විපක්ෂය සහාය දක්වන බව මන්ත්‍රී ලක්ෂ්මන් කිරිඇල්ල මහතා සඳහන් කළ අතර දෙවන යෝජනාවට විරුද්ධවන බව පැවසීය.

    ඒ අනුව පාර්ලිමේන්තුව මාර්තු 03 දක්වා කල්තැබීමට සභානායකවරයා කතානායකවරයාට දන්වා සිටියේ ය. ඒ අනුව සභාව මාර්තු 03 දක්වා කල්තබන ලැබීය.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya