මාර්තු 06, 2025
tami eng youtube  twitter facebook

    ජාතික අධ්‍යාපනයේ විප්ලවිය වැඩ පිළිවෙළක් සකස් කිරීම සඳහා විද්වත් කමිටුවක්

    පෙබරවාරි 20, 2020

    ජාතික අධ්‍යාපනයේ විප්ලවිය වැඩ පිළිවෙළක් සකස් කිරීම සඳහා විද්වත් කමිටුවක් පත් කිරීම සඳහා වූ අමාත්‍ය මණ්ඩල යෝජනාව අනුමත වූ බව උසස් අධ‍්‍යාපන,තාක්ෂණ හා නවෝත්පාදන ඇමති බන්දුල ගුණවර්ධන මහතා පවසයි.

    මේ අනුව සියලු ම අ.පො.ස (උ.පෙළ) සිසුන්ට උපාධිය දක්වා ගමන් කිරීමට හැකියාව ලැබෙන බව ද ඇමති බන්දුල ගුණවර්ධන මහතා අද(20) පැවැති කැබිනට් තීරණ දැනුම්දිමේ මාධ්‍ය හමුවේදී පැවසීය.

    ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ඉදිරිපත් කරන ලද සෞභාග්‍යයේ දැක්ම යටතේ මානව සම්පත සංවර්ධනය කිරීම ගෙන යන වැඩපිළිවෙළක්. එසේම 2024 වර්ෂය වන විට සරසවි ප්‍ර වේශය හිමිකම් සපුරන සිසුන් සංඛ්‍යාව 240,000ක් දක්වා පමණ වැඩිවනු ඇතැයි පූර්වෝකථනය කරනු ලැබ ඇති අතර ඒ අනුව,විශ්ව විද්‍යාල උසස් අධ්‍යාපනික ආයතන වලින් පිටවන සියලු දරුවන් සඳහා උපාධියක් හිමි කර දීම මෙම වැඩපිළිවෙළේ අරමුණ බව අමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කළේය

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya