එහිදී ශ්‍රී ලංකාව සහ නේපාල රජය අතර රාජ්‍ය තාන්ත්‍රික සබඳතා වර්ධනය කරගැනීමේ අරමුණින් “ 60 වසරක ශ්‍රී ලංකා - නේපාල රාජ්‍ය තාන්ත්‍රික සබඳතා” මැයෙන් මුල් දින කවරය නේපාල වැඩබලන තානාපති බිෂ්වොෂ් බට්ටා මහතාට රාජ්‍ය අමාත්‍යවරයා අතින් පිරිනැමිණ.
එම අවස්ථාවට ආරාධිතයන් වශයෙන් ශ්‍රී ලංකාවේ නේපාල වැඩබලන තානාපති බිෂ්වොෂ් බට්ටා මහතා, තොරතුරු සන්නිවේදන තාක්ෂණ රාජ්‍ය අමාත්‍ය ලේකම් මහචාර්ය සුනන්ද මද්දුම බණ්ඩාර සහ තැපැල්පති රංජිත් ආරියරත්න මහතා සහභාගිවිය.
මෙහිදී අදහස් දක්වමින් අමාත්‍ය ලක්ෂ්මන් යාපා අබේවර්ධන මහතා පැවසුවේ ශ්‍රී ලංකාව රාජ්‍ය තාන්ත්‍රිකව නේපාලය සමඟ ඉතා දිගුකාලීන මිත්‍ර සබඳතාවයක් පවත්වාගෙන යන බවත්, නේපාලයේ සෑම ගැටලුවකදීම ශ්‍රී ලංකාව ඉදිරිපත්වී ඇති බවත්ය. එම මිත්‍ර සබඳතාවය සිහිකරුණු වස් මෙම මුල්දින කවරය පිරිනමන බව අමාත්‍යවරයා පැවසීය.
මෙහිදී නේපාල වැඩබලන තානාපතිවරයාද අදහස් දැක්වූ අතර ශ්‍රී ලංකාව තමන් සමඟ ඉතා සමීප සබඳතාවයක් දිගු කලක් තිස්සේ පවත්වාගෙන යන බවත් මෙම අවස්ථාවේ දී මෙම මුල්දින කවරය පිරිනැමීම තමන්ට ගෞරවයක් බවත් ඔහු පැවසීය.