ගම්පහ දිස්ත්‍රික්කයේ අම්බලම්මුල්ල ප්‍රදේශයේ ගණ අපද්‍රව්‍ය බහාලුම් මධ්‍යස්ථානයක ඇතිවී ඇති ගිණි ගැනීම නිසා ප්‍රදේශයේ පවතින දුමාරය හේතුවෙන් කොළඹ කටුනායක අධිවේගී මාර්ගයේ ජාඇල සිට කොළඹ දක්වා කොටස තාවකාලිකව වසා දමා ඇති බව ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය පවසයි.
ජාඇල සිට කොළඹ දක්වා කොටස භාවිතා කළ හැකි අතර එතැන් සිට කොළඹ මීගමුව මාර්ගය හෝ විකල්ප මාර්ග භාවිතා කරන මෙන් ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය ජනතාව ගෙන් ඉල්ලා සිටී.