දේශපාලන වාසි තකා විපක්ෂය විසින් අද මෙයට විරුද්ධ වී සිදු කළ ක්‍රියාව ප්‍රතික්ෂේප කරන බවත් මින් දේශපාලන වසියක් ගැනීමට කටයුතු කළ බවත් අමාත්‍යවරයා පැවසීය.
මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ ආමත්‍යවරයා පැවසුවේ, පාර්ලිමේන්තු ඉතිහාසයේ දරුණු ඛේදවාචකයක් සනිටුහන් කළ දිනයක් ලෙස අද දිනය සටහන් වන බවත් පසුගිය රජය ඉතා අකාර්යක්ෂම රාජ්‍ය මූල්‍ය කළමණාකරණ ක්‍රමවේදයක් අනුගමනය කළ බවත් පාර්ලිමේන්තුවට අයවැය ලේඛන ඉදිරිපත් කිරීමේදි විවිධ වැරදි සහගත දත්ත පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීම හේතුවෙන් පාර්ලිමේන්තුවේ මුදල් පිිළිබඳ කාරක සභාව මේ පිළිබඳව පාර්ලිමේන්තුවට වාර්තා කර තිබූ බවත්ය.
මෙම අයවැය ලේඛන මගින් හිටපු මුදල් අමාත්‍යවරයා හිතාමතා පාර්ලමේන්තුව නොමග යැවූ බවත් ඔවුන් ඉතිහාසය පුරාම අසත්‍ය සංඛ්‍යා දත්ත ඉදිරිපත් කරමින් රට සියලු අංශ වලින් අගාධයට දමා ඇති බවත් අමාත්‍යවරයා පැවසීය. නොවැම්බර් මස බලයට පත් වූ ගෝඨාභය රාජපක්ෂ මහතා රට භාරගන්නා විට ඔක්තොම්බර් මස සම්මත කර ගත් අතුරුසම්මත ගිණුමෙන් ආණ්ඩුව ගෙන යාමට සිදු වූ අතර ඉන් පසු ඉදිරිපත් කළ අතුරු සම්මත ගිණුමෙත් මුදල් වෙන් වී තිබුණේ එදිනෙදා වියදම් සඳහා පමණි.
2019 වසරේ මැතිවරණ ජයග්‍රහණය සඳහා ගම්පෙරළිය වැනි ව්‍යාපෘති සඳහා ඉතා විශාල මුදලක් ආණ්ඩුව හිතුමතේ වියදම් කිරිම නිසා මුදල් අමාත්‍යංශය මෙලෙස විශාල අර්බුදයකට මුහුණ පා තිබේ.
හොඳම පාසල ළඟම පාසල වැනි ව්‍යාපෘති සඳහා, රෝහල්වල බෙහෙත් ගැනීමට මෙන්ම පොහොර නොමැති බව පවසමින් ගොවියන් මැසිවිලි නගන පොහොර සමාගම් හරහා ණයට පොහොර ලබා ගෙන ඇත. ඒ සඳහා මුදල් ගෙවිය යුතු වුවද ගෙවීම සඳහා මුදල් නොමැති තත්වයකට භාණ්ඩාගාරය පත් වී ඇත. පොහොර ගෙවන සමාගම් වලට ගෙවිය යුතු මුදල් නොගෙවීම නිසා නැවත පොහොර ඇණවුම් කිරිමට හැකියාවක් නොමැති ව, ණය වාරික ගෙවා ගත නොහැකිව සැපයුම්කරුවන් බරපතල මූල්‍ය අර්බුදයකට මුහුණ දී සිටි බවත් ඒ නිසා ඔවුන්ට පොහොර ආනයනය කළ නොහැකි තත්වයට පත් වූ බව පැවසූ අමාත්‍යවරයා ඇතැම් කොන්ත්‍රාත්කරුවන් එම ණය වාරික මුදල් ගෙවා ගත නොහැකිව සිය දිවා නසා ගන්නා තත්වයට පත් වෙන බවත් සඳහන් කළේය.
මෙම තත්වය තුළ සිංහල දෙමළ අලුත් අවුරුද්ද වන විට එම කොන්ත්‍රාත්කරුවන්ට හිග බිල්පත් සඳහා මුදල් ගෙවීම පිණිස මුදල් අමාත්‍ය, අග්‍රාමත්‍ය මහින්ද රාජපක්ෂ මහතා පසුගියදා පාර්ලිමේන්තුවේදී රුපියල් බිලියන 367ක් අතිරේක මුදලක් සම්මත කර ගැනීම සඳහා අතුරු සම්මත ගිණුමට සංශෝධනයක් ඉදිරිපත් කළේය.
නමුත් විපක්ෂ නායකවරයා විසින් මේ පිළිබඳව අවබෝධයක් නොමැතිකමින් ජනතාවට ලැබිමට තිබූ මෙම අතුරු සම්මත ගිණුම සම්මත කරන්න දෙන් නැති බව සඳහන් කර ඇති අතර මේ හේතුව නිසා සභානායක දිනේෂ් ගුණවර්ධන මහතා අද පාර්ලිමේන්තුවේදී එම යෝජනාව ඉදිරිපත් කිරීමෙන් වැළකී සිටි බව පැවසීය.