ඒ අනුව,දැනට පොලිස් දෙපාර්තමේන්තුව තුළ සැළකිය යුතු පුරප්පාඩු සංඛ්‍යාවක් පවතින අතර එම පුරප්පාඩු සඳහා අලුතින් බඳවාගැනීම් සිදු කර අවශ්‍ය පුහුණුව ලබා දී සේවයේ යෙදවීම සඳහා සැළකිය යුතු කාලයක් හා වියදමක් දැරිය යුතු වේ. එබැවින් දැනට පොලිස් මුලික පුහුණු ලබා ඇති,එහෙත් මේ වන විට විවිධ හේතූන් මත සේවය අතහැර යාමේ නියෝග ලබා ඇති පළපුරුදු නිලධාරින් නැවත සේවයට එක් කර ගැනීම සඳහා සුදුසු ක්‍රමවේදයක් සකස් කර ඒ සඳහා සොයා බැලීමට කමිටුවක් පත් කර එම කමිටු නිර්දේශ පදනම් කරගෙන අදාළ නිලධාරින්ගේ අනුමැතිය සහිතව නැවත සේවයේ පිහිටුවීම සඳහා මෙම යොජනාවලිය ඉදිරිපත් කර තිබේ.
එසේම වයස අවුරුදු 50ට අඩු එක් වසරක් හෝ දුෂ්කර සේවයේ නිරත නිලධාර්න් සඳහා මෙම අභියාචනාවන් ඉදිරිපත් කර හැකි බව අද (20) කැබිනට් තීරණ දැනුම්දිමේ මාධ්‍ය හමුවේ දී සම කැබිනට් ප්‍රකාශක බන්දුල ගුණවර්ධන මහතා පැවසිය.