මාර්තු 06, 2025
tami eng youtube  twitter facebook

    අතුරු සම්මත ගිණුම පිළිබඳ පහැදිළි කර තිබියදීත් විපක්ෂය දේශපාලන වශයෙන් වෙනත් ක්‍රියාමාර්ගයක් ගැනීමට උත්සහ කළා- අමාත්‍ය මහින්ද සමරසිංහ

    පෙබරවාරි 20, 2020

    ආණ්ඩුව විසින් ඉදිරිපත් කළ අතුරු සම්මත ගිණුම පිළිබඳ පහැදිළි කර තිබියදීත් සහයෝගය ලබා නොදී විපක්ෂය දේශපාලන වශයෙන් වෙනත් ක්‍රියාමාර්ගයක් ගැනීමට උත්සහ කළ බව රාජ්‍ය පරිපාලන සහ ස්වදේශ කටයුතු රාජ්‍ය අමාත්‍ය මහින්ද සමරසිංහ මහතා ප්‍රකාශ කරයි.

    ආණ්ඩුව විසින් ඉදිරිපත් කළ අතුරු සම්මත ගිණුම 2020 සඳහා වූ සංශෝධන සියල්ල ඉවත් කර ගන්නා බව සභානායක අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා  පාර්ලිමේන්තුවේ දී සඳහන් කළ අතර  මින් කිසිදු මූල්‍ය අර්බුදයක් උද්ගත නොවන බව ආණ්ඩු පක්ෂ අමාත්‍යවරු අවධාරණය කර සිටියේ, මේ පිළිබඳව පැහැදිලි කිරීම සඳහා ආණ්ඩු පක්ෂයේ මැති ඇමැතිවරු අද (20) පාර්ලිමේන්තු සංකීර්ණයේ දී පැවැත්වූ විශේෂ මාධ්‍ය හමුවකට සහභාගී වෙමිනි

     මෙම මාධ්‍ය හමුවේ දී අදහස් දැක් වූ රාජ්‍ය පරිපාලන සහ ස්වදේශ කටයුතු රාජ්‍ය අමාත්‍ය මහින්ද සමරසිංහ මහතා සඳහන් කළේ;

    පරිපූරක ඇස්තමේන්තුවේ සියලු වියදම් 2019 වසරේ පැවති රජයේ වියදම් දැරීම සඳහා පමණක් යොදා ගන්නා බව පක්ෂ නායක රැස්වීමේ දී භාණ්ඩාගාර ලේකම් ආටිගල මහතා විසින් පැහැදිලි කර දී තිබියදීත් එය පැත්තකට දාලා වෙනත් ප්‍රශ්නයක් අති කරන්නයි. දේශපාලන වශයෙන් වෙනත් ක්‍රියාමාර්ගයක් ගන්නයි උත්සහ කළේ. එම නිසා සභානායක දිනේෂ් ගුණවර්ධන මහතා අද පාර්ලිමේන්තුවේදී එම යෝජනාව ඉදිරිපත් කිරීමෙන් වැළකී සිටි බවත් එහෙත් පාර්ලිමේන්තුව විසුරුවා හැරිමෙන් පසුව ව්‍යවස්ථානුකූලව එම බලතල ජනාධිපතිවරයාට හිමි වන බවත් මහින්ද සමරසිංහ අමාත්‍යවරයා වැඩිදුරටත් පැවසිය.

    පසුගිය රජය ජනාධිපතිවරණයක් ළඟ තිබිය දී විශ්‍රාමිකයන් සඳහා වැටුප් වර්ධකයක් දෙන බව පවසමින් චක්‍ර ලේඛ නිකුත් කර ඇති බවත් නමුත් ඒ සඳහා පසුගිය රජය අතුරු සම්මත ගිණුමෙන් මුදල් වෙන් කර නොතිබූ බවත් එවැනි උදාහරණ රැසක් පවතින් බවත් අමාත්‍යවරයා වැඩිදුරටත් කීය.

    මෙම මාධ්‍ය හමුවට උසස් අධ්‍යාපන අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා ඇතුළු අමාත්‍යවරු රැසක් එක්ව සිටියහ.

     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya