අද දිනයේ පාර්ලිමේන්තුවේ සිදු වූ සිද්ධිය ඉතාම අවිනීත බවත් ජනතාවට අවශ්‍ය සහන සැලසීම සඳහා 2015 වසරේ යහපාලන රජය බලයට පත් වී ඉදිරිපත් කළ පළමු අයවැය යෝජනාවට වත්මන් රජය අවශ්‍ය සහය ලබා දුන් බව ද පාර්ලිමේන්තුවේ පැවති විශේෂ මාධ්‍ය හමුවකට එක්වෙමින් රාජ්‍ය අමාත්‍ය ෂෙහාන් සේමසිංහ මහතා සඳහන් කළේය.
විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා ප්‍රතිපත්ති දෙකක හැසිරෙමින් කටයුතු කරන බවත් මෙය වත්මන් රජයේ ව්‍යාපෘති සඳහා ලබා ගත් මුදල් නොවන බවත් සඳහන් කළ සේමසිංහ අමාත්‍යවරයා රජයේ ආදායම්, වියදම්, මෙන්ම රාජ්‍ය ණය කළමණාකරණය පිළිබඳව ඔවුන්ට කිසිදු අවබොධයක් නැති බවද සඳහන් කරයි. තවද මෙම ගෙවීම් පිළිබඳ මුදල් අමාත්‍යවරයා පසුගියදා පාර්ලිමේන්තුවේ දී පැහැදිලි විග්‍රහයක් සිදු කළ බව පැවසූ ඒ මහතා, එම තොරතුරු විනිවිදභාවයකින් යුතුව පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමෙන් පසුව මෙම පරිපූරක ඇස්තමේන්තුව පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළ බවත් නමුත් එය අනුමත නොවීම හරහා කිසිදු මූල්‍ය අර්බුදයක් රට තුළ නිර්මාණය නොවන බවත් පැවසීය. පසුගිය රජය සිදු කළ අවිධිමත් ව්‍යාපෘති සඳහා මුදල් ගෙවීම මිස වෙනත් කිසිදු අරමුණක් මෙහි නොපැවති බවද කිය.
පාර්ලිමේන්තුව අද විසුරුවා හැර මැතිවරණයෙන් පසු එළඹෙන අප්‍රේල් මාසය වන විට ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිවරයාගේ ප්‍රතිපත්ති ක්‍රියාත්මක කරන රජයක් පිහිටුවන බවත් ඉන් පසු මේ රටේ ජනතාවට තිබෙන ගැටලු රාශියකට සාධනීය පිළිතුරු ලබා දෙන බවත් පැවසූ අමාත්‍යවරයා, සිංහල දෙමළ අලුත් අවුරුද්ද පීඩනයකින් තොරව ජනතාවට සැමරීමට අවකාශය උදා කර දෙන බවද පැවසීය.
රටේ කිසිදු මූල්‍ය අර්බුදයක් නැති බවත් නිවැරදි මූල්‍ය කළමනාකරණයකින් යුතුව නිලධාරින් සියළු දෙනා කටයුතු කරන බවත් එහෙත් කඩාකප්පල්කාරි ඇතැම් කණ්ඩායම් මේ වන විටත් සිංහල දමිළ අලුත් අවුරුද්ද ඉලක්ක කරගනිමින් අත්‍යවශ්‍ය භාණ්ඩ මිළ වැඩිකිරිමේ කුමන්ත්‍රණයක් සිටින බවත් ඒ සඳහා සූක්ෂම උපක්‍රම යොදමින් සිටින බවත් පැවසීය. ඒ පිළිබඳ අවධානය යොමු කර ඔවුන්ට විරුද්ධව නීතිය ක්‍රියාත්මක කිරීමට කටයුතු කරන බවත් මේ රට නිවැරදිව පාලනය කිරීමේ වගකීම භාරගන්නා බවත් එම යුතුකම ඉටු කිරීමට කැපවී සිටින බවත් අමාත්‍යවරයා සඳහන් කළේය.
මෙම මාධ්‍ය හමුවට උසස් අධ්‍යාපන අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා, රාජ්‍ය පරිපාලන සහ ස්වදේශ කටයුතු රාජ්‍ය අමාත්‍ය මහින්ද සමරසිංහ මහතා භාණ්ඩාගාර ලේකම්එස්. ආර්. ආටිගල මහතා ඇතුළු පිරිසක් එක්ව සිටියහ.