මෙම ව්‍යාපෘතිය මෙරට තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ ඒජන්සිය සමඟ එක්ව සිදු කරන අතර මේ හරහා පත්ඉරු ලිවීම ඊ - පිටපතක් ලෙස සිදු කිරීමට නියමිතය.
මේ සම්බන්ධයෙන් (19)දා ආපදා කළමණාකරන මධ්‍යස්ථානයේ ශ්‍රවණාගාරයේ පැවති මාධ්‍ය හමුවකදී අමාත්‍යවරයා මෙලෙස අදහස් දැක්වීය.
මේ සම්බන්ධයෙන් වැඩිදුරටත් අදහස් දැක්වූ අමාත්‍යවරයා පැවසුවේ මෙම ව්‍යාපෘතිය ජනාධිපතිතුමාගේ තිරසාර සංවර්ධන ප්‍රතිපත්තිය මත පදනම්ව සිදුකෙරෙන බවත්, මෙම තාක්ෂණික ක්‍රමය හරහා ඉතාම නිරවද්‍ය සහ ආරක්ෂිත අන්දමින් ඉඩම් ලියාපදිංචියට හැකියාව ලැබෙන බවත්ය.
මෙහිදී අදහස් දැක්වූ රෙජිස්ටාර් ජනරාල් එන් සී විතානගේ මහතා පැවසුවේ පොත් තැබීමේ ක්‍රමය හරහා ඉඩම් ලියාපදිංචි කිරීම සිදු කෙරෙන විට විවිධ අක්‍රමිකතා සම්බන්ධයෙන් පැමිණිලි විශාල ප්‍රමාණයක් ලැබුණු බවත්, එයට පිළියමක් වශයෙන් මෙම ක්‍රමය පොදාගත හැකි බවත්ය.මෙම ක්‍රමය හරහා ඉඩම් ලියකියවිලි සොරකම් කර ව්‍යාජ ලෙස සකස් කරන ජාවාරම්කරුවන්ට කිසිඳු ආකාරයකට ඉදිරියේදී ඉඩක් නොලැබෙනු ඇති බවද විතානගේ මහතා පැවසීය.
එමෙන්ම ඉඩම් මගින් බැංකු ණය ගැනීමේදී මේ හරහා ඉතා පහසුවක් වන අතර අදාළ බැංකුව හෝ ආයතනයට අන්තර්ජාලය හරහා ඉඩම් හිමියාගේ පත්ඉරු පිළිබඳ විස්තර නිරවද්‍ය ලෙස යොමු කරනු ඇති බවද එමගින් පැරණි පොත් තැබීමේ ක්‍රමයේදී මෙන් සහතික කළ පිටපත් සොයා කාලය මිඩංගු කිරීමට අවශ්‍යතාවයක් නොමැති බවද විතානගේ මහතා වැඩිදුරටත් පැවසීය.
මෙම අවස්ථාවට එක්වූ අයි සී ටී ඒ ආයතනයේ ව්‍යාපෘති කළමණාකරු බුද්ධික රත්නායක මහතා මෙම ව්‍යාපෘතියේ තාක්ෂණ තත්වය පැහැදිළි කරමින් පැවසුවේ මෙම තොරතුරු අවශ්‍ය ඕනෑම ආයතනයක් සමඟ රාජකාරිමය වශයෙන් හුවමාරු කරුගැනීමට ඇති හැකියාව නිසා යම් පුද්ගලයකුට ඇති ණය ලබාගැනීම හෝ ව්‍යාපෘති ආරම්භ කිරීම වැනි ඕනෑම අවශ්‍යතාවයකදී ඉඩම් විස්තර ලබාදීමට අවශ්‍ය නම් ඉතා සුළු කාලයක් තුළ අදාළ ආයතනයට තොරතුරු ලබා දීමේ හැකියාවක් ඇති බවයි.
මෙහිදී අන්තර්ජාල දත්ත සොරකම් කිරීම හරහා මෙහි දත්ත සොරකම් කිරීමට හැකියාවත් ඇත්දැයි මාධ්‍යවේදීන් විමසූ විට ඔහු පැවසුවේ ඒ සම්බන්ධයෙන් තම ආයතනය විසින් පරික්ෂාකර බලා සහතික කර ඇති බැවින් ඒ ගැන කිසිසේත් බිය වියයුතු නැති බවයි.