ඔහු මේ බව පැවසුවේ පළාත් සභා හා පළාත් පාලන අංශය මගින් ක්‍රියාත්මක ව්‍යාපෘතීන් සම්බන්ධයෙන් පළාත් පාලන අයාතන ප්‍රධානීන් දැනුවත් කිරීම සඳහා ශ්‍රී ලංකා පදනම් ආයතනයේදී පැවති උත්සවයකදීය.
වැඩිදුරටත් අදහස් දැක්වූ අමාත්‍යවරයා පැවසුවේ ගිනි නිවීමේ ඒකක විශාල ප්‍රමානයක් ආරම්භ කිරීමට පියවර ගන්නා අතර මේ සඳහා අවශ්‍ය වන රථ වාහන නුදුරේදීම මිළදී ගැනීමට අපි පියවර ගන්නා බවයි.
මෙම වැඩසටහන තුළ ග්‍රාමීය පාලම් ඉදිකිරීමේ ව්‍යාපෘතිය, පළාත් මාර්ග සංවර්ධන ව්‍යාපෘතිය ,ද්විතීක නගර සංවර්ධන ව්‍යාපෘතිය, පුරනැගුම ව්‍යපෘතිය, ඝන අපද්‍රව්‍ය කළමණාකරන ව්‍යාපෘතිය ආදී අමාත්‍යංශය මගින් ක්‍රියාත්මක ව්‍යාපෘතීන් සම්බන්ධයෙන් පළාත් පාලන ආයතන ප්‍රධානීන් දැනුවත් කරන ලදි.