සමෘද්ධි සහ කෘෂි නිලධාරීන් 176 දෙනෙකුට මෙහි දී ස්ථීර පත්වීම් ප්‍රදානය කරනු ලැබීය. අපේ රාජ්‍ය සේවකයින් සංඛ්‍යාව ලක්ෂ 15ක් වන අතර රාජ්‍ය සේවකයන් සිය වගකීම රට වෙනුවෙන් ඉටු කරන්නේ නම් රජයක් ලෙස සියලු රාජ්‍ය සේවකයන්ගේ අයිතිවාසිකම් දීනා දීමට සූදානම් බව මෙහි දී ජනාධිපතිතුමා විසින්අ වධාරණය කළේය.
පසුගිය රජයේ වැරදි හෝ අතපසුවීම් වර්තමාන රජයේ නිදහසට හේතුවක් කරගන්නේ නොමැතිව, ඒ අදුරදර්ශී පාලනය නිසා රටට මුහුණදීමට සිදුව ඇති සියලු අභියෝග ජය ගැනීමට තමන් සුදානම් බවත් ඊට සියලු රාජ්‍ය සේවකයන්ගේ ශක්තිය ලබා දෙන ලෙසටත් මෙහි දී ජනාධිපතිවරයා විසින් දැනුම්දෙනු ලැබීය.