මේ පිළිබඳ සී නෝර් පදනම් ආයතනයේ ඉහළ නිලධාරීන් හා මෙරට ධීවර ක්ෂේත්‍රයට විශාල ආයෝජන ප්‍රමාණයක් ලබා දෙන නෝර්වීජියානු ආයෝජකයන් පිරිසක් සමග අමාත්‍යවරයා ධීවර හා ජලජ සම්පත් අමාත්‍යාංශයේ දී සාකච්ඡාවක නිරත විය.
මෙහිදී අමාත්‍ය ඩග්ලස් දේවානන්දා මහතා නියෝජිත පිරිසක් අමතමින් කියා සිටියේ පසුගිය වකවානුවේ අක්‍රමවත් ලෙස බෝට්ටු නිෂ්පාදන කටයුතු සිදුවූ කරෙයිනගර් බෝට්ටු නිෂ්පාදනාගාරය රටට අවශ්‍ය නවීන තාක්ෂණයෙන් යුත් බෝට්ටු හා අනෙකුත් ධීවර ආම්පන්න නිෂ්පාදනය කරන ආයතනයක් ලෙස වැඩිදියුණු කිරීමට අවශ්‍ය බවත් ඒ සඳහා නෝර්වීජියානු රජයේ භාවිතා කරන බෝට්ටු සඳහා යොදා ගන්නා නවීන තාක්ෂණය අප රටේ බෝට්ටු නිෂ්පාදන කර්මාන්තය වැඩි දියුණු කිරීමට ලබා දෙන ලෙසත් අමාත්‍යවරයා තවදුරටත් ඉල්ලා සිටියේ ය.
මෙම අවස්ථාවට සී නෝර් ආයතනයේ නිලධාරින් පිරිසක් ද ඇතුළුව නෝර්විජියානු ආයෝජකයින් පිරිසක් සහභාගී විය.