විෂය භාර අමාත්‍ය ජනක බණ්ඩාර තෙන්නකෝන, රාජ්‍ය අමාත්‍ය ලසන්ත අලගියවන්න යන මහත්වරුන් හා සියලු පළාත් සභාවන්හි ප්‍රධාන ලේකම්වරුන් පළාත් සභා කොමසාරිස්වරුන් මෙන්ම අමාත්‍යංශ ගණනාවක ප්‍රධාන නිලධාරීන්ගේ සහභාගීත්වයෙන් පැවති මෙම සම්මේලනයේදී පළාත් සභා හා පළාත් පාලන අයාතනවලට බලපාන ප්‍රශ්න සම්බන්ධයෙන් සාකච්ඡා කිරීම හා ඒවට විසඳුම් නිර්දෙශ කිරීම සිදුවිණි.
තවදුරටත් අදහස් පළකල අමාත්‍යංශ ලේකම්වරයා “මේ වන විට වැඩ නිම කොට ඇති සංවර්ධන ව්‍යාපෘතීන් තිබේ නම් ඒවා පිළුණු වෙන තෙක් නොයිද ජනතාවගේ ප්‍රයෝජනය සඳහා විවෘත කිරීම් කිරීමට පියවර ගන්න.ඒ වගේම මහජන මුදල් භාවිතයේදී වඩාත් පරිස්සමින් කටයුතු කිරීමට වගබලා ගන්න.තවත් මාස කීපයකින් අයවැය ඉදිරිපත් කිරීමට රජය අපේක්ෂා කරන නිසා ඔබගේ පළාතේ සංවර්ධන ව්‍යාපෘති කඩිනමින් සකස් කර තබා ගන්න.අපි දන්නවා මේ වන විට පළාත් සභාවන් වල විශාල රැකියා පුරප්පාඩු ප්‍රමානයක් පවතින බව.මේ තත්ත්වය නිරාකණය කර ගැනීමට දීප ව්‍යාප්ත සේවාවේ යම් පිරිසක් ලබා දීමට පියවර ගන්නව.පසුගිය කාලේ රාජ්‍ය සේවයට බඳවා ගන්නා ලද 6000 පමන වන උපාධිදාරීන් පිරිස ස්ථිර කිරීමට අවශ්‍ය කටයුතු අපි දැන් සිදු කරමින් ඉන්නව.ඒ වගේම භික්ෂූන් වහන්සේලා රැකියා ගත කිරීමේදී ගුරු වෘත්තියට සහ මහා නායක ස්වාමීන් වහන්සේලා අනුමත කරන තනතුරු වලට පමනක් උන්වහන්සේලා අණුයුක්ත කිරීමට පියවර ගන්නව.මාර්තු වන විට තවත් උපාධිදාරීන් 50000 ක් ගුරු සේවයට බඳවා ගැනීමට නියමිත වෙලා තියෙනවා.
මෙහිදී රජයේ නිලධාරීන් ලෙස අපි රජය ගන්න ප්‍රතිපත්ති තීන්දු ක්‍රියාත්මක කිරීමට බැඳිල ඉන්නව.විශේෂයෙන් මේ අය වසරක පුහුණුවෙන් පසුව ස්ථිර සේවයට බඳවා ගැනීමට බලාපොරොත්තු වෙනවා.එහිදී පළාත් බලධාරීන් විදියට මේ ගුරුවරුන් යෙදවිය යුතුම පාසල් හඳුනා ගැනීම ඔබගේ වගකීමක්.විශේෂයෙන් මේ පාසල් බොහොමයක ගුරු හිඟයක් පවතිනව.මේ ප්‍රශ්නයට විසඳුම් දීමට රජය ගන්න මේ උත්සාහයේදී අපි රාජ්‍ය නිලධාරීන් ලෙස උපරිම කැප වීමෙන් කටයුතු කළ යුතු වෙනවා” යැයිද පැවසීය.