බලහත්කාරයෙන් අතුරුදහන් වූවන්ගේ පවුල් සහ ඔවුන්ට සහාය දක්වන ක්‍රියාකාරීන් ශ්‍රී ලාංකික ආරක්ෂක හමුදා සහ බුද්ධි අංශවල පසුවිපරම් යටතේ සිටින බවට හියුමන් රයිට්ස් වොච් විසින් කරන ලද චෝදනා ආරක්ෂක අමාත්‍යාංශය තරයේ ප්‍රතික්ෂේප කරයි.
හියුමන් රයිට්ස් වොච් සිය නව වාර්තාව නිකුත් කරමින් කියා සිටියේ ශ්‍රී ලංකා ආරක්ෂක හමුදා සහ බුද්ධි අංශ විසින් බලහත්කාරයෙන් අතුරුදහන් වූවන්ගේ පවුල්වලට සහ ඔවුන්ට සහාය දක්වන ක්‍රියාකාරීන්ට එරෙහිව පසුවිපරම් කිරීම් හා තර්ජන 2019 නොවැම්බරයේ ගෝඨාභය රාජපක්ෂ ජනාධිපති ධුරයට පත්වූ දා සිට තීව්‍ර කර ඇති බවයි.
ආරක්ෂක ලේකම් මේජර් ජෙනරාල් කමල් ගුණරත්න මහතා පවසා සිටියේ, සාමාන්‍ය ආරක්ෂක ජාලය හැරුණු විට ආරක්ෂක අංශ සහ බුද්ධි අංශ කිසිදු නිශ්චිත පිරිසක් අධීක්ෂණය කිරීමේ කටයුතුවල නිරත නොවන බවයි