ආණ්ඩුවට කිසිදු මූල්‍ය අර්බුදයක් නොමැති අතර අතුරු සම්මත ගිණුමට අදාළ සංශෝධන සම්මත නොවූවද රටේ ආර්ථිකය කඩාවැටීමකට ලක් නොවන බව සමකැබිනට් ප්‍රකාශක අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා පැවසුවේ අද (22) පෙරවරුවේ රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ පැවති විශේෂ මාධ්‍ය හමුවකට එක්වෙමිණි.
මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ අමාත්‍යවරයා පැවසුවේ පාර්ලිමේන්තුව විසුරුවා හැර මාස 03ක් යනතුරු මූල්‍ය පාලන බලය ඇත්තේ ජනපතිට බවයි. මෙවැනි කොන්ත්‍රාත්කරුවන් පිරිසක් අද උදෑසන නුගේගොඩ පිහිටි නිවසටද තමා හමුවීම සඳහා පැමිණි බව පැවසූ අමාත්‍යවරයා මෙසේද පැවසීය.
̎මෙම ඇතැම් කොන්ත්‍රාත්කරුවන් සියදිවි නසාගන්නා තත්වයට පත්වෙලා. කොන්ත්‍රාත්කරුවන්ගේ බැංකු ගිණුම් BLACK LIST වෙලා ණයක් ගන්න බැහැ. ඔවුන් වෙනත් පාර්ශ්වවලින් ගිනි පොලියට ණය අරන්. සියලු බිල්පත් නිරවුල් කරන්න තමයි රුපියල් බි.367ක අතිරේක මුදලක් සම්මත කරගන්න අතුරු සම්මත ගිණුමට සංශෝධනයක් ගෙනාවෙ. භාණ්ඩාගාරය විසින් බිල්පත් නිකුත්කර හෝ සංවර්ධන බිල්පත් නිකුත්කර තමයි එම ණය ගන්න වෙන්නේ. එසේ ණය අරන් තමයි මෙම බිල්පත් පියවන්න වෙන්නෙ. එළඹෙන සිංහල අවුරුද්දට පෙර මෙම ණය ගෙවා දැමීම සඳහා තමයි රුපියල් බි.367ක අතිරේකව සපයා ගැනීමට පරිපූරක ඇස්තමේන්තුවට සංශෝධනයක් ගෙනාවෙ.̎ රජයේ සේවකයන්ට වැටුප් ගෙවීමට ,විශ්‍රාමිකයන්ට හා සමෘද්ධි ආධාර ලබා දීමට, අධ්‍ය්‍යාපන, ප්‍රවාහන සහ සෞඛ්‍ය සේවා ආදී පහසුකම් සැපයීම සඳහා මසකට රුපියල් බිලියන 379ක් පමණ රජයට අවශ්‍ය බවත් , දවසකට ආණ්ඩුව ගෙනයාම සඳහා රුපියල් බිලියන 12.05ක් අවශ්‍ය බවත් පැවසූ අමාත්‍යවරයා ලංකා ඉතිහාසයේ රාජ්‍ය මූල්‍යයක් ගැන අවබෝධයක් ඇති කිසිවකු මෙවැනි ක්‍රියාවක් නොකරන බවද සඳහන් කළේය. මූල්‍ය පාලනයේ තාක්ෂණික කරුණු ගැන අවබෝධයක් නොමැතිව විපක්ෂනායකවරයෙකු මෙලෙස හැසිරුණු පළමු අවස්ථාව මෙය බවද පැවසූ අමාත්‍යවරයා පසුගිය සෑම ආණ්ඩුවක්ම ණය ලබා ගැනීමේදී කටයුතු කර ඇත්තේ මේ ආකාරට බවද පැවසීය.
මෙම මාධ්‍ය හමුවට රජයේ ප්‍රවෘත්ති අධ්‍යක්ෂ ජනරාල් නාලක කලුවැව මහතා ද එක්විය