මෙම එකගතා ගිවිසුම සඳහා ශ්‍රි ලංකා විදේශ රැකියා නියෝජිතායතනය නියෝජනය කරමින් එහි සභාපති මේජර් සුදත් අබේසිංහ, සෞදි අරාබියේ රියාද් පොදු ප්‍රවාහන සමාගම (Public Transport Company) නියෝජනය කරමින් එහි කළමනාකරණ අධ්‍යක්ෂක මොන්ටිගෝමර්ස් රොබට් ගාලන් (Montigomars Robert Galan) යන මහත්වරුන් අත්සන් කරන ලදී.
මේ යටතේ ශ්‍රි ලාංකිකයින් 1000 ක් සඳහා රැකියා අවස්ථා හිමිවන අතර, බර වාහන රියදුරු බලපත්‍ර හිමි වයස අවුරුදු 45ට අඩු, වසර 2ක පළපුරුද්ද ඇති පුද්ගලයින්ට මෙම රැකියා අවස්ථා සදහා අයදුම් කළ හැකිවේ. රැකියාවට පෙර සති 3ක කාලයක් ඉංග්‍රිසි හා අරාබි භාෂා පුහුණුව මෙරටදී නොමිළේ ලබා දෙන අතර, තෝරා ගන්නා රැකියා ලාභීන් හට එරටදීද විශේෂ පුහුණුවක් ලබාදීමෙන් අනතුරුව එරට රියදුරු බලපත්‍රයද ලබාදීමට කටයුතු කෙරේ.
බඳවා ගන්නා ශ්‍රමිකයින් හට ගුවන් ටිකට්පත්, ආහාර හා නවාතැන් පහසුකම් නොමිලේ ලබාදෙනු ලබන අතර, කිසිඳු ගාස්තුවක් ගෙවීමකින් තොරව මෙම රැකියා අවස්ථාවන් හිමි වේ.
සෞදි අරාබියේ රියාද්හි ශ්‍රි ලංකා තානාපති කාර්යාලයේ කම්කරු උපදේශක මාධව දේශප්‍රිය මහතාගේ මැදිහත්වීමෙන් සිදුකරන ලද සාකච්ඡාවල ප්‍රතිඵලයක් වශයෙන් මෙම රැකියා අවස්ථා ශ්‍රි ලාංකිකයින්ට හිමි වීමට නියමිත අතර, මෙම රැකියා සඳහා අයදුම් කිරීමට කැමැත්තක් දක්වන රැකියා අපේක්ෂිතයින්ට කාර්යාංශයේ රැකියා බැංකුවට අයදුම්පතක් ඉදිරිපත් කිරීම මගින් ඒ සඳහා අයදුම් කළ හැකිය.
බර වාහන රියදුරු රැකියා සඳහා අදාළ අවබෝතා ගිවිසුම වෙනුවෙන් දෙරටේ නියෝජිතයින් විසින් නුදුරු දිනකදී අත්සන් කිරීමට නියමිතය.
මෙම අවස්ථාවට කාර්යාංශයේ සභාපති කමල් රත්වත්තේ, සාමාන්‍යාධිකාරී ඩබ්.එන්.වී වන්සේකර, කාර්යාංශයේ නියෝජ්‍ය සාමාන්‍යාධිකාරී (බඳවාගැනීම්, අලෙවිකරණ හා පුහුණු) හා විදේශ රැකියා ඒජන්සි ආයතනයේ සාමාන්‍යාධිකාරී මංගල රන්දෙණිය, එහි කළමනාකරු (පරිපාලන හා මානව සම්පත්) ඒ.එම්. උමාරත් යන මහත්වරුන් එක්වී සිටියහ.