එකී විමර්ශනවල ප්‍රතිඵලයක් ලෙස බොරැල්ල ප්‍රදේශයේ පාසල් සිසුවියක් අන්තර්ජාලය ඔස්සේ බිය වද්දා, දැරිය වරින්වර අවස්ථා ගණනාවකදී, විවිධ ස්ථානවලට ගෙන ගොස්, ස්ත්‍රී දූෂණයට හා බරපතල ලිංගික අපයෝජනයට ලක් කළ පුද්ගලයින් 7දෙනෙකු මේ වනවිට ජාතික ළමා ආරක්ෂක අධිකාරියේ විශේෂ පොලිස් විමර්ශන ඒකකය මගින් අත් අඩංගුවට ගෙන, කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කර, රක්ෂිත බන්ධනාගාර ගතකර ඇති අතර, සැකකරුවන් හඳුනා ගැනීමේ පෙරටිටුවකටද ඉදිරිපත් කොට තිබේ. මෙම අපරාධයට සම්බන්ධ තවත් සැකකරුවන් රැසක් ඉදිරියේදී අත්අඩංගුවට ගැනීම සඳහා විමර්ශන තව දුරටත් ක්‍රියාත්මකය.
අත්අඩංගුවට ගත් සැකකරුවන් සියලුදෙනා අවුරුදු 20ට අඩු තරුණයින් වන අතර, පාසල් සිසුන්ද ඒ අතර සිටීම දෙමව්පියන්ගේ හා ගුරුවරුන්ගේ අවධානයට යොමු වියයුතු විශේෂ කරුණකි. ජාතික ළමා ආරක්ෂක අධිකාරියේ සභාපති මහාචාර්ය මුදිත විදානපතිරණ, නියෝජ්‍ය සභාපති විශ්‍රම ලත් මහාධිකරණ විනිසුරු නීතිඥ සුජාතා අලහප්පෙරුම, අධ්‍යක්ෂ ජනරාල් අනෝමා සිරිවර්ධන යන මහත්ම මහත්මීන්ගේ මග පෙන්වීම හා අධීක්ෂණය යටතේ, ජාතික ළමා ආරක්ෂක අධිකාරියේ විශේෂ පොලිස් විමර්ශන ඒකකයේ ස්ථානාධිපති N. කදිරගාමර් මහතා විසින් විමර්ශනය පවත්වා, චූදිතයන් අධිකරණයට ඉදිරිපත් කර ඇත. මෙම විමර්ශනය සඳහා උ.පො.ප. බණ්ඩාර, කා.පො.සැ. චිත්‍රා (588), පො.සැ. සිතුම් (60348), පො.කො. ජනිත් (61779), පො.කො. උදිත (61837), පො.කො. පාලිත (75229) යන නිලධාරීන් දායකත්වය සපයා ඇත.