සෑම වසරකම දැඩි වියලි කාල ගුණයක් පවතින කාලවල දි නුවරඑළිය දිස්ත්‍රික්කයේ රක්ෂිත කැලෑවන් සහ ලදු කැලෑවන් ගිනි ගැනීම් වලට ලක්වීම සිදුවන අතර එයින් විශාල පරිසරික හානියක් සිදුවේ. මෙවැනි ගිනිගැනිම් වලින් වන රක්ෂිත ආරක්ෂා කිරිම සඳහා වන රක්ෂිතය මායිමට වන්නට අඩි 33 ක් පළලට පටියක් ලෙස සුද්දකර ගිනි වැලකුම් වැටක් ලෙස පවත්වාගන යාම සිදුකරයි.
පිදුරුතලාගල රක්ෂිතයේ ගිනි වැලකුම් වැට සැකසීම සඳහා නුවරඑළිය දිස්ත්‍රික් ලේකම් කාර්යාලය, ප්‍රාදේශිය ලේකම් කාර්යාලය, ගොවි ජන සේවා දෙපාර්තමේන්තුව, පොලිසිය, යුද හමුදාව, ගුවන් හමුදාව, ඇතුළු රාජ්‍ය ආයතන රැසක නිලධාරින් සහ අවට ගම්මානවල ජනතාවද එක්ව සිටිහ.