මාර්තු 06, 2025
tami eng youtube  twitter facebook

    ලෝකයේ නව දැනුම යොදාගෙන දේශීය කර්මාන්ත සංවර්ධනය කරන සමෘද්ධිමත් ආර්ථිකයක් බිහිකිරීමට පියවර ගත යුතුයි - අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන  

    පෙබරවාරි 24, 2020

    ලෝකයේ නව දැනුම යොදාගෙන නව නිපැයුම් සංවර්ධනය කරන අධ්‍යාපන රටාවක් ඇති කරමින් සමෘද්ධිමත් ආර්ථිකයක් රට තුළ බිහිකිරීමට ඉදිරියේදී පියවර ගන්නා බව උසස් අධ්‍යාපන, තාක්ෂණ, නවෝත්පාදන සහ තොරතුරු හා ජනමාධ්‍ය අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා ප්‍රකාශ කළේය.

    අමාත්‍යවරයා මේ බව ප්‍රකාශ කළේ, ජාතික ව්‍යපාර කළමනාකාරීත්ව විද්‍යායතනයේ දී  දින (23) පැවැත්වුණු පොදුජන ඉංජිනේරු සංගමය විසින් සංවිධානය කළ විද්වත් හමුවකට එක් වෙමිනි.

    විදෙස් දැනුම ලබා ගත් දේශීය විද්වතුන් විසින් ලාංකීය රෙදිපිළි කර්මාන්තය වැනි බොහෝ දේශීය කර්මාන්ත දියුණු කරන ලද යුගයක් පැවති බවත් මේ වන විට බිඳ වැටී ඇති එවැනි දේශීය කර්මාන්ත නගාසිටුවමින් නව ස්වයංපෝෂිත ආර්ථිකයක් ඇති කළ යුතු බවත් අමාත්‍යවරයා වැඩිදුරටත් ප්‍රකාශ කළේය.

    විශේෂයෙන්ම මේ වන විට ලාංකීය දරුවන් උසස් අධ්‍යාපනය සඳහා වැඩි වශයෙන් විදේශ ගත වන බව පෙන්වා දුන් අමාත්‍යවරයා ඉකුත් වසරේ එම සංඛ්‍යාව 21,000 ක් පමණ වූ බව පැවසීය. මෙම තත්වය ලාංකීය මුදල් විදේශ කරා ගලා යාමට මෙන්ම ලාංකීය බුද්ධි සම්පත පසුකාලීනව විදෙස් රටවල් කරා ඇදී යාමටද හේතුවන බැවින් ලාංකීය දරුවන්ට ඵලදායී උසස් අධ්‍යාපන අවස්ථා වැඩි වශයෙන් රටතුළ ඇති කිරීමට පියවර ගත යුතු බව හෙතෙම පෙන්වා දුන්නේය.

     

    ඒ අනුව අධ්‍යාපන හා ආර්ථික ක්‍රමය ප්‍රතිසංස්කරණය කරමින් නව සංවර්ධන ක්‍රියාදාමයක් ඉදිරියේදී ක්‍රියාත්මක කිරීමට අපේක්ෂිත බව ප්‍රකාශ කළ අමාත්‍යවරයා මේ සඳහා දේශීය බුද්ධිමතුන්ගේ හා විද්වත් වෘත්තිකයින්ගේ උපදේශනය හා දායකත්වය අපේක්ෂා කරන බව ප්‍රකාශ කළේ ය.

    පොදුජන ඉංජිනේරු සංගමයයේ නිලධාරීන් හා සාමාජිකයින් මෙන්ම රජයේ නිලධාරීහු රැසක්ද මෙම අවස්ථාවට එක්ව සිටියහ.

     

     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya