ජංගම සමාජ සත්කාරක වැඩසටහනේ සමාරම්භක උත්සවයේ දී සෞඛ්‍ය අමාත්‍යවරිය මෙම අදහස් පළ කරන ලදි.
සමාරම්භක උත්සවය අමතමින් අදහස් දැක්වූ සෞඛ්‍ය අමාත්‍යවරිය - “පළමුව මම මගේ ගෞරවය හා ස්තූතිය ගරු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමන්ට මෙන්ම ගරු අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මැතිතුමන්ට පුද කරන්න කැමැතියි වැඩිම විෂයන් ගණනාවක් සම්බන්ධ කර අමාත්‍යාංශ 02 ක අමාත්‍යධූර ලබාදෙමින් රත්නපුර දිස්ත්‍රික්කයේ ජනතාවට සේවය කරන්න ලංකා ඉතිහාසයේ පළමු වරට සබරගමු පළාතේ ඇමැතිවරයෙකු වශයෙන් කටයුතු කිරීමට අවස්ථාව ලබාදීම ගැන. අද දින ඇඹිලිපිටිය ප්‍රදේශවාසී ජනතාවගේ පොදු අවශ්‍යතා හදුනා ගනිමින් සෞඛ්‍ය හා දේශීය වෛද්‍ය සේවා, කාන්තා හා ළමා කටයුතු සහ සමාජ ආරක්ෂණ අමාත්‍යාංශවල මෙහෙයවීමෙන් පවත්වනු ලබන “පොදු ජන සරණී” ජංගම සමාජ සත්කාරක වැඩසටහන මගින් සියලු සෞඛ්‍ය සේවා ඇතුලුව ජංගම සායන, ශිෂ්‍යාධාර, වෛද්‍ය ආධාර, අධ්‍යාපන, නිවාස, ස්වයං රැකියා ආධාර ලබාදීම ඇතුලු විශාල ජංගම සේවාවන් රැසක් ලබාදෙනු ලබනවා.”
“නව රජය යටතේ කෙටි කාලයක් තුල අපිට පුළුවන් වුණා ඇඹිලිපිටිය රෝහල මධ්‍යම රජයට පවරා ගෙන ලංකාවේ දියුණුම රෝහලක් බවට පත් කරන්නට අවශ්‍ය පියවර ගැනීමට. එම රෝහලේ සංචාරයේ දී අපි දැක්කා රෝහල ප්‍රතිසංවර්ධනය කිරිම සදහා විශාල මුදලක් අවශ්‍ය වන බව. රෝහලේ ප්‍රතිසංවර්ධන කටයුතු සදහා පමණක් රුපියල් ලක්ෂ 750 ක් රෝහලට ලබාදුන්නා. එමෙන්ම රෝහලට අවශ්‍ය අත්‍යාවශ්‍ය උපකරණ ලබාදීමට මම කටයුතු කළා. රෝහලේ ලක්ෂ 15,000 ක පමණ නව ගොඩනැගිලි ඉදිකිරීමට අවශ්‍ය අමාත්‍ය මණ්ඩල පත්‍රිකා මේ වන විට සකස් කර ඉදිරිපත් කර අවසන්.කොළොන්න රෝහල සියලු පහසුකම් සහිත මූලික රෝහලක් බවට පත් කළා. සබරගමුව පළාතේ රත්නපුර දිස්ත්‍රික්කයේ වැසිකිළි පහසුකම් නොමැති 10,000 ක් පමණ ජනතාවට සමෘද්ධි දෙපාර්තමේන්තුව හරහා රුපියල් 45,000 බැගින් මූල්‍යාධාර ලබාදීමේ නියමු ව්‍යාපෘතියක් ක්‍රියාත්මක කිරීමට අවශ්‍ය සියලු කටයුතු දැනටමත් සකස් කොට අවසන්. මගේ අමාත්‍යාංශ දෙකෙහි සියලු නිලධාරීන් සමග එක්ව මීටත් වඩා ශක්තිමත් ලෙස ඉදිරියට සේවාවන් දියත් කිරීමට මම බලාපොරොත්තු වෙනවා.”
සෞඛ්‍ය අමාත්‍යාංශය, දේශීය වෛද්‍ය අමාත්‍යාංශය, කාන්තා හා ළමා කටයුතු සහ සමාජ ආරක්ෂණ අමාත්‍යාංශය, ආබාධ සහිත තැනැත්තන් සඳහා වූ ජාතික මහ ලේකම් කාර්යාලය, වැඩිහිටි මහ ලේකම් කාර්යාලය, සමාජ සේවා දෙපාර්තමේන්තුව, සමෘද්ධි සංවර්ධන දෙපාර්තමේන්තුව, ග්‍රාම සංවර්ධන, අභ්‍යාස හා පර්යේෂණ ආයතනය වැනි ආයතන විසින් විශාල ජංගම සේවාවන් රැසක් ක්‍රියාවට නංවන ලද අතර, ඇඹිලිපිටිය ප්‍රා.ලේ. කොට්ඨාශයේ තෝරා ගත් පෙර පාසල් 05 ක් සඳහා අධ්‍යාපන උපකරණ කට්ටල ලබාදීම (එක් කට්ටලයක වටිනාකම රු.25000), රෝද පුටු ප්‍රදානය, ඇස් කණ්ණාඩි ලබා දීම, වෛද්‍ය ආධාර ලබාදීම, අධ්‍යාපන, නිවාස, ස්වයං රැකියා ආධාර ලබාදීම ද සෞඛ්‍ය හා දේශීය වෛද්‍ය සේවා, කාන්තා හා ළමා කටයුතු සහ සමාජ ආරක්ෂණ අමාත්‍ය ගරු පවිත්‍රා වන්නිආරච්චි මැතිණිය අතින් සිදු කෙරිනි.
මෙම ජංගම සමාජ සත්කාරක වැඩසටහන මගින් සේවා ලබාගැනීම සදහා පැමිණි අතිවිශාල ප්‍රමාණයක් වූ ජනතාව විසින් කියා සිටියේ මෙවැනි ජංගම සේවා වැඩපිළිවෙලක් තම ප්‍රදේශයට ලබාදීම පිළිබදව රජයටත්, සෞඛ්‍ය අමාත්‍යතුමියටත් ස්තූතිවන්ත වන බවයි. ඉදිරියටත් තම ප්‍රදේශවලට මෙවැනි ජංගම සේවාවන් ලබාදීමට රජය කටයුතු කරනු ඇති බව ද පැවැසීය.
මෙම අවස්ථාවට සබරගමුව පළාත් ආණ්ඩුකාර ටිකිරි කොබ්බෑකඩුව මහතා, ඇඹිලිපිටිය ප්‍රාදේශීය සභාවේ සභාපති සුරත්ත ජයලත් මහතා, කොළොන්න ආසනයේ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී ගරු සනී රෝහන කොඩිතුවක්කු මහතා, සෞඛ්‍ය අමාත්‍යාංශයේ ලේකම් භද්‍රානි ජයවර්ධන මහත්මිය ඇතුලු සියලු අමාත්‍යාංශවල ලේකම්වරු, අතිරේක ලේකම්වරු, අධ්‍යක්ෂ ජනරාල්වරු, නියෝජ්‍ය අධ්‍යක්ෂ ජනරාල්වරු ඇතුලු විශාල පිරිසක් එක්ව සිටියහ.