මාර්තු 06, 2025
tami eng youtube  twitter facebook

    යාපනය ගුවන් තොටුපළ දියුණු කිරිමේ ගිවිසුමට ඉන්දියාව සමග කඩිනමින් අත්සන් තබනවා - ඇමති ප්‍රසන්න රණතුංග

    පෙබරවාරි 24, 2020

    යාපනය පළාලි ගුවන් තොටුපල වැඩි දියුණු කිරීම සදහා ඉන්දියාව සමග අවබෝධතා ගිවිසුම කඩිනමින් අත්සන් කිරීමට අපේක්ෂා කරන බව කාර්මික අපනයන, ආයෝජන ප්‍රවර්ධන, සංචාරක හා ගුවන් සේවා ඇමති ප්‍රසන්න රණතුංග මහතා පවසයි. මෙම අවබෝධතා ගිවිසුමට අත්සන් තැබීමට කැබිනට් මණ්ඩලය විසින් අනුමත කර තිබේ.

    යාපනය පළාලි ගුවන් තොටුපල සංවර්ධනය කිරීම සදහා ඉන්දියානු රජය ශ්‍රී ලංකා රුපියල් මිලියන 300 ක ආධාරයක් ලබා දීමට එකග වී තිබේ. මෙම මුදලින් සැහැල්ලු ගමන් මළු හැසිරවීමේ පද්ධතිය, පිටත්වීමේ පාලන පද්ධතිය, ජල සම්පාදන, අප ජල ප්‍රවාහන පද්ධතිය හා ඝණ අපද්‍රව්‍ය අපවහන පද්ධතිය සැකසීමට අපේක්ෂිතයි.


    මේ වන විට යාපනය පළාලි ගුවන් තොටුපලේ තාවකාලික ගුවන් ගමන් පාලන කුළුණක් ඉදිකර තිබේ. ගුවන් ධාවන පථ ආලෝකකරණ පද්ධතිය ද සැකසීම සදහා මේ වන විට ප්‍රසම්පාදන කටයුතු සිදු කෙරෙමින් පවතී.

    යාපනය පළාලි ගුවන් තොටුපළේ සකස් කර ඇති මගී පර්යන්ත පහසුකම් සීමිතය. මෙහි වාණිජ ගුවන් යානා හා ජාත්‍යන්තර මගීන් හැසිරවීමේ දී වැඩි පහසුකම් අවශ්‍ය වෙනු ඇතැයි ඇමති ප්‍රසන්න රණතුංග මහතා පෙන්වා දෙයි.

    මෙම අවබෝධතා ගිවිසුම අත්සන් කිරීම සදහා ශ්‍රී ලංකා රජය වෙනුවෙන් සංචාරක හා ගුවන් සේවා අමාත්‍යංශයේ ලේකම්වරයාට බලය පැවරෙන අතර ඉන්දියානු රජය විසින් ලබා දෙන රුපියල් මිලියන 300 ක ප්‍රදානය භාවිතා කිරීමට ගුවන් තොටුපළ හා ගුවන් සේවා සමාගමට බලය පැවරේ. යාපනය පළාලි ගුවන්තොටුපළ ජාත්‍යන්තර ගුවන් තොටුපළක් ලෙස සංවර්ධනය කිරීම රජයේ අපේක්ෂාවයි. එය ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිවරයාගේ රට හදන සෞභාග්‍යයේ දැක්ම ප්‍රතිපත්ති ප්‍රකාශයේ ද සදහන් වේ. මේ නිසා මෙම සංවර්දන කටයුතු කඩිනමින් ආරම්භ කිරීමට අපේක්ෂා කරන බව ඇමති ප්‍රසන්න රණතුංග මහතා පෙන්වා දෙයි.

     

     

     

     

     

     

     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya