මාර්තු 06, 2025
tami eng youtube  twitter facebook

    සාම විනිසුරුරු පදවි 750 ක් ප්‍රදානය කරයි - සෑම විහාරස්ථානයකම විහාරාධිපති ස්වාමීන් වහන්සේලාට සාම විනිසුරු තනතුරු

    පෙබරවාරි 24, 2020

    ගමත් පන්සලත් යා කරන පාලමක් නිර්මාණය කිරීම සදහා සෑම විහාරස්ථානයකම ගෞරවණිය විහාරාධිපති ස්වාමීන් වහන්සේලාට සාම විනිසුරු තනතුරු ලබාදීමට තීරණය කර තිබෙන බව අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා මහතා පවසයි.

    අධිකරණ මානව හිමිකම් හා නීති ප්‍රතිසංස්කරණ අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා මහතා මෙම අදහස් පළ කළේ, සාම විනිසුරුරු පදවි 750 ක් ප්‍රදානය කිරීමේ අවස්ථාවට බදුල්ල පුස්තකාල ශ්‍රවණාගාරයේදී එක්වෙමිනි.

    තවදුරටත් අදහස් පළ කළ අමාත්‍යවරයා මෙසේ ද සදහන් කළේය.

    අපේ රට අනාරක්ෂිත තත්වයකට යමින් පැවති තත්වය වෙනස් කරලා නිවැරදි මාර්ගයට යොමු කිරීමේ හැරවුම් ලක්ෂය බවට පත් වුණේ ගෞරවණිය මහා සංඝ රත්නයයි.ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා මේ රටේ ජනාධිපතිවරයා බවට පත් කරලා උන් වහන්සේලා ඒ සදහා නායකත්වය ගත්තා.ඒ තුළින් රට නව මාවතකට යොමු වුණා සේම විනය ගරුක රටක් බවට පත් වුණා.අපේ රට අද නිවැරදි දිශාවට ගමන් කරනවා වගේම විනය ගරුක රටක් බවට පත් වෙලා තිබෙනවා.ඒ සදහා අපේ රටේ ගරුතර මහා සංඝ රත්නය ලබා දුන් නායකත්වය අපි අගය කළ යුතුයි.


    විශේෂයෙන් සාම විනිසුරු තනතුර තුළින් ද සමාජය විනය ගරුක රටක් බවට පත් කළ හැකියි. ඒ සදහා අද දින සාම විනිසුරු තනතුරු ලබන ඔබ කටයුතු කළ යුතුයි.ඒ සදහා තම ගමට ප්‍රදේශයට නායකත්වය ලබා දීමේ වගකීම ඔබට තිබෙනවා.මෙම තනතුර දරන ලද පුද්ගලයින් අතීතයේ මෙම තනතුරේ ගෞරවය ආරක්ෂා කිරීමට කටයුතු කළා සේ ඔබත් කටයුතු කළ යුතුයි.සාම විනිසුරු තනතුර කියන්නේ රැකියාවක් හෝ වෘත්තියක් නොවෙයි.මෙය ගරු සේවයක් බවට මතක තබා ගත යුතුයි.අතීතයේ සිටි ඇතැම් සාම විනිසුරුවරුන් මේ තනතුරේ ගෞරවය විනාශ කළ ආකාරයත් වාර්තා වෙලා තිබෙනවා.ගමත් පන්සලත් යා කරන පාලමක් නිර්මාණය කිරීම සදහා සෑම විහාරස්ථානයකම ගෞරවණිය විහාරාධිපති ස්වාමීන් වහන්සේලා සදහා සාම විනිසුරු තනතුරු ලබාදීමට තීරණය කර තිබෙනවා.ගමත් පන්සලත් අතර පමණක් නොවෙයි පන්සල පල්ලිය කෝවිල කියන මේ සියලු ආගමික ස්ථාන කේන්ද්‍ර කරගත් සමාජීය පරිවර්තනයක් කළ යුතු යුගයකට රට යා යුතු බවද අමාත්‍යවරයා සදහන් කළේය.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya