තල් සංවර්ධන මණ්ඩලයේ සභාපති ක්‍රිෂාන්ත පතිරාජ සහ වෘත්තීය පුහුණු අධිකාරියේ සභාපති දමිත වික්‍රමසිංහ යන මහත්වරු මෙම අවබෝධතා ගිවිසුම හුවමාරු කර ගත්හ. මෙම අවස්ථාවට ප්‍රධාන ආරාධිතයා ලෙස කර්මාන්ත හා සැපයුම් කළමනාකරණ අමාත්‍ය විමල් වීරවංශ මහතා සහභාගී විය. දෙමළ බසින් පවත්වනු ලබන මෙම පාඨමාලාව මගින් ප්‍රථම අදියරේදී තරුණ, තරුණියන් 135කට ප්‍රතිලාභ ලැබෙන අතර පුහුණු පාඨමාලාවේ කාලසීමාව මාස 3 කි.
යාපනය කයිතඩි ප්‍රදේශයේ පිහිටි තල් සංවර්ධන මණ්ඩලයට අයත් තල් පර්යේෂණ ආයතනයේදී මෙම පාඨමාලාව පැවැත්වීමට කටයුතු යොදා ඇත. වෘත්තීය පුහුණු අධිකාරිය මෙම පාඨමාලාවෙහි වෘත්තීයභාවය පිළිබද නිර්ණායක සකස් කිරීම හා ජාත්‍යන්තරව පිළිගත් සහතිකයක් නිකුත් කිරීම ආදී කටයුතුවලට මැදිහත් වෙයි.
මෙහිදී අදහස් දැක්වූ අමාත්‍ය විමල් වීරවංශ මහතා පවසා සිටියේ ලොව පළමුවරට තල් ආශ්‍රිත ආහාර නිෂ්පාදනය පිළිබද වෘත්තීය පුහුණු පාඨමාලාවක් ආරම්භ කිරීමට අවබෝධතා ගිවිසුමක් මෙහිදී අත්සන් තැබීම සිදු වූ බැවින් එය ඓතිහාසික අවස්ථාවක් බවය. උතුරේ තරුණ තරුණියන්ගේ විරුකියාව තුරන්කර ඔවුන්ට සුබදායි අනාගතයක දොරටු විවර කිරීමට මෙම පාඨමාලාව උපකාරී වනු ඇතැයි ද විරවංශ මහතා වැඩිදුරටත් පැවසීය