එමෙන්ම, ගරා වැටී තිබූ වී ගබඩා සියල්ල අවම වියදමකින් යුතු ව, යුධ හමුදාවේ ඉමහත් කැපවීමෙන් සහ සහයෝගයෙන් මේ වන විට ප්‍රතිසංස්කරණ කර ඇති බවත්, මෙතෙක් වී අලෙවි මණ්ඩලය විසින් ගොවීන්ගෙන් අක්කරයකට වී කිලෝ 1000 ක් මිල ගැනීමට වෙනුවට වර්තමාන රජය විසින් අක්කරයකට වී කිලෝ 2000 ක් ලබා ගැනීමට කටයුතු කර ඇති බවත්, රුපියල් 50.00 ට වී කිලෝවක් මිල දී ගැනීමට කටයුතු කිරීම මඟින් මෙරට වී ගොවියා ආරක්ෂා කර ගැනීමටත්, පාරිභෝගිකයා ද ආරක්ෂා කර ගනු වස් වර්තමානයේ දී සහල් කිලෝව රුපියල් 93.00 ක් වැනි මුදලකට ලබා දීමට ද කටයුතු කර ඇති බවත් මෙහි දී කියා සිටී රාජ්‍ය අමාත්‍යවරයා වී අලෙවි මණ්ඩලය සතු ගබඩා වලට අමතරව සමූපකාරයේත්, මහවැලි අධිකාරිය සතු ගබඩා වලටත් වී මිල දී
ගැනීමට කටයුතු කරන බවත් කියා සිටියේය.
එමෙන්ම තෙත වී රුපියක් 44.00 ක් වැනි මුදලකට මිල දී ගැනීම සඳහා කුඩා වී මෝල් හිමියන්ට අවස්ථාව ලබා දෙන බව ද, එම කුඩා වී මෝල් හිමියන් සඳහා බැංකු වලින් ණය ආධාර ලබා දීමට ද ජනාධිපතිවරයා සූදානම් කර ඇති බව ද, වී වේලා ගබඩා කර සහල් කිරීමෙන් පසු සතොසට යැවීමට ද, එම ගබඩා වලට ආරක්‍ෂිත වැඩපිළිවෙලක් ක්‍රියාත්මක කිරීමට කටයුතු කරන බව ද මෙහි දී සඳහන් විය.
ඒ අනුව, වී ගොවියා, පාරිභෝගිකයා මෙන්ම කුඩා වී මෝල් හිමියන් ද ආරක්ෂා කිරීමට සාර්ථක වැඩපිළිවෙලක් වත්මන් නායකත්වය යටතේ ක්‍රියාත්මක කිරීමට සූදානම් බව ද මෙහි දී සඳහන් විය. එමෙන්ම, වැඩි මිලට සහල් විකුණන්නේ ද යන්න සොයා බැලීමට කටයුතු කරනු වස් පාරිභෝගික අධිකාරිය මඟින් හදිසි වැටලීම් සිදු කිරීමට ඉදිරියේ දී බලාපොරොත්තු වන බව ද, කෘෂි පර්යේෂණ නිළධාරීන් මාර්ගයෙන් කුඹුරේ දී ම වගා කරන ලද වී වර්ගය කුමක්ද, නිෂ්පාදනයේ ප්‍රමාණය කොපමණ ද යන්න පිළිබඳව සම්පුර්ණ දත්ත වාර්තාවක් ලබා ගැනීමට කටයුතු කරන බවත්, එමඟින් වී මාෆියාවට එරෙහිව කටයුතු කිරීමට හැකි වනු ඇති බව ද අපේක්ෂා කරන බව රාජ්‍ය අමාත්‍යවරයා වැඩි දුරටත් සඳහන් කර සිටියේය.
මෙම මාධ්‍ය සාකච්ඡාව සඳහා ශ්‍රී ලංකා මහවැලි අධිකාරියේ වත්මන් අධ්‍යක්‍ෂ ජනරාල් ඉංජිනේරු සුනිල් පෙරේරා සහ මහවැලි කේන්ද්‍රයේ අධ්‍යක්‍ෂ දයාශ්‍රිත තිසේරා යන මහත්වරු සහභාගී වූහ.