වැඩිදුරටත් අදහස් දැක් වු ඒ මහතා පැවසුවේ, පසුගිය වසර 4ක් පුරාවට මෙම බලාගාරය සෑදීමට නොහැකි ව තිබු බවයි.එහෙත් පසුගිය සතියේ රැස් වූ කැබිනට් අමාත්‍ය රැස්ව්මේ දී කෙරවලපිටිය LNG විදුලි බලාගාරය ඉදි කිරීම සඳහා යෝජනාවක් ඉදිරිපත් කළ අතර ඒ සඳහා අනුමැතිය ලැබුණු බවත්,ඒ යටතේ,මෙගාවොට් 300ක විදුලි ධාරිතාවයක් යුත් විදුලි ධාරිතාවයක් ඉදිරි වසර දෙක තුළ ජාතික විදුලි පද්ධතියට එක් කිරිමට හැකි බවත් ඇමතිවරයා කීය.
පසුගිය වසර 5 තුළ විදුලි ඉල්ලුම 27%කින් ඉහළ ගොස් තිබුණත් විදුලිය නිෂ්පාදන 2%කින් වත් ඉහළ ගොස් නොමැති බව අමාත්‍ය මහින්ද අමරවීර මහතා වැඩිදුරටත් පැවසීය.
මෙරට විදුලි බලයෙන් ස්වයං පෝෂිත රටක් බවට පත් කිරීමට මේ වන විට සියලු පියවර ගෙන ඇති බවත්,මේ වසර අවසන් වන විට විදුලි බලාගාර පහක් ඉදිකිරීම් කටයුතු ආරම්භ කිරීමට නියමිත බව ද ඇමතිවරයා කීය.