ජනමාධ්‍ය අමාත්‍යංශයේ අද (25) පැවති මාධ්‍ය සාකච්ඡාවේ දී මේ බව සඳහන් කළ රාජ්‍ය ඇමතිවරයා ,අතුරු සමමත ගිණුමට සංශිධිත යෝජනාවක් ගෙනවිත් රජය ලබා ගැනීමට බලාපොරොත්තු වූ රුපියල් බිලියන 367ක පරිපූරක ඇස්තමේන්තුවේ මුදල පාර්ලිමේන්තුව විසුරුවා හැරීමෙන් පසු ජනාධිපතිවරයාට ලබා ගත හැකි බවත්, ඒ සඳහා මැයි මාසයේ දී පවත්වන පාර්ලිමේන්තුව මඟින් අනුමැතිය ලබා ගත හැකි බවත් කීය.
විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා ඇතුළු විපක්ෂය මෙම පරිපූරක ඇස්තමේන්තු යෝජනාව සම්මත කර කිරීමට විරුද්ධ වූයේ සිංහල, දෙමළ අලුත් අවුරුදු සමයේ ඒ මඟින් ජනතාව අතට මුදල් ගලා යාම වැළක්වීම සඳහා බව ද කීය.
ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාවෙන් පැවරී තිබෙන බලතල අනුව, පාර්ලිමේන්තුව විසුරුවා හැර තිබුණ ද මේ මුදල් ලබා ගැනීමට ජනාධිපතිවරයාට බලය ලැබී ඇත. එහෙත්, මාස 03 ක් ඇතුළත ඒ සඳහා පාර්ලිමේන්තුවේ අනුමැතිය ලබා ගත යුතු යයි ද අබේවර්ධන මහතා තවදුරටත් පැවසීය.
වර්තමාන ජනාධිපතිවරයා සහ ආණ්ඩුව පත් වී අද (25) ට දින 100 ක් සම්පුර්ණ වෙනවා. මේ කාලය තුළ ජනතාව බලාපොරොත්තු වූ කරුණු රැසක් පිළිබඳව ප්‍රතිපත්තිමය තීන්දු ගෙන තිබෙනවා. මැයි මාසයේ දී ස්ථිර රජයක් පැමිණි පසු මේ ප්‍රතිපත්ති ක්‍රියාත්මක කිරීමට කටයුතු යොදා තිබෙනවා යයි ද ඒ මහතා කීය.
ජනතාවගේ පහසුව සඳහා තැපැල් දෙපාර්තමේන්තුව විසින් “ස්පීඩ් පොස්ට්” නම් නව අධිවේගී පාර්සල් බෙදා හැරීමේ සේවාවක් ආරම්භ කළ බවත්, නියමු ව්‍යාපෘතියක් වශයෙන් පෙබරවාරි 20 දා සිට මෙය කොළඹ, ගාල්ල, කුරුණෑගල, හා මහනුවර දිස්ත්‍රික්ක තුළ ක්‍රියාත්මක කරන බවත් පැවසූ රාජ්‍ය ඇමතිවරයා මෙමඟින් පෞද්ගලික කුරියර් සේවාවන්ට වඩා 40% ක අඩු ගාස්තුවකින් තැපැල් භාණ්ඩ යැවිය හැකි බව ද සඳහන් කළේය.