මේ සඳහා රජය වැයකොට ඇති මුදල රුපියල් මිලියන 423.7ක් බව තොරතුරු සහ සන්නිවේදන තාක්ෂණය පිළිබඳ රාජ්‍ය අමාත්‍ය ලක්ෂ්මන් යාපා අබේවර්ධන මහතා අද(25) සිය අමාත්‍යංශයේ පැවැති මාධ්‍ය හමුවකදී පැවසීය.
රජය වැඩි වශයෙන්ම වී මිලදී ගෙන ඇත්තේ උතුරු හා නැගෙනහිර පළාත්වලිනි. ඒ අනුව මඩකලපුව දිස්ත්‍රික්කයෙන් වී මෙට්‍රික් ටොන් 2058ක්ද, අම්පාර දිස්ත්‍රික්කයෙන් මෙට්‍රික් ටොන් 1524.1ක්ද, මුලතිව් දිස්ත්‍රික්කයෙන් මෙට්‍රික් ටොන් 1462.8ක්ද, කිළිනොච්චි දිස්ත්‍රික්කයෙන් මෙට්‍රික් ටොන් 921.6ක්ද, වව්නියා දිස්ත්‍රික්කයෙන් මෙට්‍රික් ටොන් 652.8ක්ද මිලදී ගෙන ඇතැයිද රාජ්‍ය ඇමතිවරයා පැවසීය.