සාමාජිකයින් හය දෙනෙකුගෙන් සමන්විත කාර්ය සාධක බලකායට විවිධ බුද්ධි අංශවල ජ්‍යෙෂ්ඨ නිලධාරීන් ඇතුළත් වන අතර ජාතික බුද්ධි ප්‍රධානී මේජර් ජෙනරාල් ජගත් අල්විස් එහි ප්‍රධානත්වය උසුලයි. ඒ සම්බන්ධව වාර්ථාවක් සතියකට වරක් ආරක්‍ෂක ලේකම් මේජර් ජෙනරාල් (විශ්‍රාමික) කමල් ගුණරත්න වෙත ඉදිරිපත් කළ යුතු වේ.
මෙම විශේෂ කාර්ය සාධක බලකායට රාජ්‍ය බුද්ධි සේවා අධ්‍යක්‍ෂ, යුධ හමුදා බුද්ධි අධ්‍යක්‍ෂ ජෙනරාල්, අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුව භාර නියෝජ්‍ය පොලිස්පති, ප්‍රථිත්‍රස්ත හා විමර්ශණ අංශයේ අධ්‍යක්‍ෂ සහ පොලිසි නීති අධ්‍යක්‍ෂ යන ජ්‍යෙෂ්ඨ නිලධාරීන්ද මෙම කාර්ය සාධක බලකායට ඇතුළත්වේ.
MOD