මැතිවරණ මහලේකම් කාර්යාලයේ අද(26) පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් ඔහු මේ බව සඳහන් කර සිටියේය.
නව දේශපාලන පක්ෂ ලියාපදිංචියට අදාලව අයදුම්පත් 156ක් මේ වනවිටත් මැතිවරණ කොමිසමට ලැබී ඇති අතර ඒ පක්ෂ සම්බන්ධයෙන් ලිපිගොනු විවෘත කර මැතිවරණ කොමිසම අවශ්‍ය කටයුතු සිදුකරන බවත් කොමිසමේ එක් සාමාජිකයෙක් විදේශ ගතව සිටින බැවින් ඒ මහතා පැමිණි පසු අවසන් තීරණය ගන්නා බවත් පැවසීය.
පිළිගත් දේශපාලන පක්ෂ 70 කින් මේ වන විටත් 64ක් පිළිගෙන ඇති බවත් පක්ෂ 06ක අභ්‍යන්තර ආරවුල් නිසා ලේකම්වරු නැති බවත් පැවසූ කොමිෂන් සභාවේ සභාපතිවරයා පාර්ලිමේන්තුව විසුරුවා හැරීමෙන් පසුව එම දේශපාලන පක්ෂ ගෙන්වා අවසන් තීරණයක් ගන්නා බවද පැවසීය.
ඉදිරි මහ මැතිවරණයේ දී දිස්ත්‍රික්ක කිහිපයක, තෝරා ගැනෙන මන්ත්‍රීවැරුන් සංඛ්‍යාවේ වෙනසක් සිදුවී ඇතැයි, මැතිවරණ කොමිෂන් සභාව පවසයි. මහින්ද දේශප්‍රිය මහතා පෙන්වා දෙන්නේ, ජන සංයුතිය අනුව එය සිදුව ඇති බවයි.
තවද පසුගිය ජනාධිපතිවරණයේදී ජනාධිපති අපේක්ෂකයන් ගණන සීමා වූයේ නම් මෙතරම් මුදලක් වැය නොවන බවද බැලට් පේපරය විශාල වන විට යන වියදම විශාල බව පැවසූ සභාපතිවරයා එළඹෙන මහාමැතිවරණයේදී රාජ්‍ය දේපළ අයුතු ලෙස පරිහරණය වැනි සිද්ධි අවම කර ගැනීමට හැකිවෙතැයිද මාධ්‍ය ආයතන පක්ෂග්‍රාහීව කටයුතු කිරීම සහ ආගමික සිද්ධස්ථානවල දේශපාලන ක්‍රියාකාරකම් පිිළිබඳව සැලකළිමත්වනු ඇතැයිද සභාපතිවරයා වැඩිදුරටත් පැවසීය.