මාර්තු 06, 2025
tami eng youtube  twitter facebook

    ශ්‍රී ලංකා නාවික නෞකා මහානාග ආයතනයේ යෝගට් ව්‍යාපෘතියට නව ගොඩනැඟිල්ලක්

    පෙබරවාරි 27, 2020

    ශ්‍රී ලංකා නාවික නෞකා මහානාග ආයතනයේ යෝගට් ව්‍යාපෘතිය සඳහා නව ගොඩනැගිල්ලක් ඉදිකිරීමට මුල්ගල තබයි.

    ශ්‍රී ලංකා නාවික නෞකා මහානාග ආයතනයේ පවත්වාගෙන යනු ලබන යෝගට් ව්‍යාපෘතිය සඳහා නව ගොඩනැගිල්ලක් ඉදිකිරීමට මුල් ගල තැබීම පෙබරවාරි 26 සිදු විය.

    නාවික හමුදා සේවයේ නියුතු නාවික පුද්ගලයින්ගේ සුභසාධනය පෙරදැරි කර ගනිමින් සේවා වනිතා ඒකකය මගින් ශ්‍රී ලංකා නාවික නෞකා මහානාග ආයතනයේ පවත්වාගෙන යනු ලබන සේවා වනිතා යෝගට් ව්‍යාපෘතිය සඳහා නව ගොඩනැගිල්ලක් ඉදි කිරීමට මුල්ගල තැබීම අද (2020 පෙබරවාරි 26) ගිණිකොන නාවික විධානය භාර ආඥාපති රියර් අද්මිරාල් සෙනරත් විජේසුරිය මහතාගේ ප්‍රධානත්වයෙන් සිදු කරන ලදි.

    මේ අවස්ථාව සඳහා ගිණිකොන නාවික විධානය භාර නියෝජ්‍ය ආඥාපති ඇතුළු විධානයේ ජ්‍යෙෂ්ඨ සහ කණිෂ්ඨ නිලධාරීන් මෙන්ම නාවිකයින් පිරිසක් ද සහභාගී විය.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya