අග්‍රාමාත්‍ය කාර්යාලයේදී අද(27) පැවති මාධ්‍ය හමුවක දී රාජ්‍ය අමාත්‍යවරයා මේ බව පැවසීය.
වැඩිදුරටත් අදහස් දක්වමින් ඔහු පැවසුවේ මේ වන විට විදුහල්පතිවරුන්ට පත්වීම් ලබා දීම මෙන්ම ජාතික පාසල් දස දහසක් ඇතිකිරීමේ ක්‍රියාවලිය, උසස් පෙළ සමත් සියලු දෙනාට උසස් අධ්‍යාපනය ලබාදීමට කටයුතු යෙදීම, විශ්ව විද්‍යාල අධ්‍යාපනයට නව පාඨමාලා එක්කර ගැනීම වැනි කටයුතු වලට පදනම දැමීමට ද මේ රජය සමත් වී ඇති බවත් එමෙන්ම උසස් පෙළ අසමත් සිසුන් වෘත්තීය අධ්‍යාපනයට යොමු කිරීම මෙන්ම අඩු අධ්‍යාපන මට්ටමේ සිසුන් ජාතික ශ්‍රම බලකායට එක් කරගැනීම තුළින් ජාතික ආර්ථිකයට සම්බන්ධ කරගැනීම වැනි වැඩසටහන්වලට පදනම දැමීමටද මේ රජය සමත් වී ඇති බවත්ය. ඒ සම්බන්ධයෙන් රජය ඉතා සතුටට පත්වන බවද රාජ්‍ය අමාත්‍යවරයා පැවසීය.
එමෙන්ම ගෘහ සේවිකාවන් විදේශ සේවයට යෙදවීම වෙනුවට පුහුණු ශ්‍රමිකයන් විදේශ සේවා සඳහා යොමු කිරීම වත්මන් රජයේ අවශ්‍යතාවය බවත්, එමගින් දැනට ඔවුන්ගේ සේවයට ලැබෙන මූල්‍යමය වටිනාකම වැඩි කිරීමට කටයුතු යෙදීම මගින් රටේ විදෙස් ආදායම වැඩි කරගැනීම රජයේ අවශ්‍යතාවය බවත් රඹුක්වැල්ල මහතා පැවසීය.
රාජ්‍ය සේවය පුළුල් කරමින් රාජ්‍ය සේවයේ තරඟකාරීත්වය වැඩි කිරීමටත් ඒ හරහා පුද්ගලික අංශය සමඟ තරඟ කළ හැකි රාජ්‍ය සේවයක් ඇති කිරීමටද රජය බලාපොරොත්තු වන බවද ඒ මහතා වැඩිදුරටත් පැවසීය.
මහ මැතිවරණය සම්බන්ධයෙන් අදහස් දැක්වූ අමාත්‍යවරයා පැවසුවේ බොහෝවිට පාර්ලිමේන්තුව මාර්තු 02වනදා විසිරීමට හැකියාව ඇති බවත්, ඒ අනුව අප්‍රේල් 25වැනිදා මැතිවරණය පැවැත්වීමට වැඩි ඉඩක් ඇති බවත්ය. ඉදිරියට පත්වන පාර්ලිමේන්තුවේ සියලු ජාතීන් නියෝජනය වන පරිදි නියෝජිතයන් පත් කිරීමට කටයුතු යොදන බවත් එහෙත් අන්තවාදය පරාජය කිරීමට කටයුතු කරන බවත්, ඔහු වැඩිදුරටත් පැවසීය.
30/1 යෝජනාව සම්බන්ධයෙන් සම අනුග්‍රහය ඉවත්කර ගැනීමට කටයුතු කළ ද සංහිඳියාව සම්බන්ධයෙන් ඉදිරියටත් කටයුතු කරන බවත් රාජ්‍ය අමාත්‍යවරයා පැවසීය.