ඔහු මේ බව සඳහන් කළේ රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ අද (27) පැවති මාධ්‍යහමුවකට එක්වෙමිණි.
මෙහිදී වැඩිදුරටත් අදහස් දැක් වූ මාධ්‍ය ප්‍රකාශකවරයා පැවසුවේ , ශ්‍රී ලංකා නාවික හමුදාව කච්චතිව් මංගල්‍යය සඳහා අවශ්‍ය විදුලිබලය, සනීපාරක්ෂක පහසුකම් සහ පානීය ජලය, ඇතුළු යටිතල පහසුකම් සැපයීම සඳහා කටයුතු කරන බවයි.එමෙන්ම උතුරු පළාත් දිස්ත්‍රික් ලේකම් කාර්යාලය සමග එක්ව කටයුතුකරමින් දේශීය බැතිමතුන් ප්‍රවාහනය කිරීම සඳහා අවශ්‍ය ප්‍රවාහන පහසුකම්ද නාවික හමුදාව විසින් සපයන බවද ඒ මහතා පැවසීය.
තවද රථ වාහන හැසිරවීම සඳහා හමුදා සෙබළුන් යෙදවීමේ ක්‍රමවේදයට සමගාමීව කොළඹ නගර සීමාව තුල ඉතා සීඝ්‍රයෙන් ඉහළ යන රථ වාහන තදබදය පාලනය කිරීම සඳහා පොලීසිය වෙත අවශ්‍ය සහයෝගය ලබා දෙන බව පැවසූ ඒ මහතා නාවික හමුදා විනයාරක්‍ෂක අංශයේ නාවිකයින් මෝදර පොලිසිය සමග එක්ව රථ වාහන පාලන රාජකාරි කටයුතු වල යෙදවීමට කටයුතු කර ඇතැයි ද පැවසීය.