එහිදී වැඩිදුරටත් අදහස් දැක්වමින් අග්‍රමාත්‍යවරයා මෙසේද පැවසීය.
අද ඇත්ත වශයෙන්ම මේ පන්සල තුළ ආරම්භ කරන විවෘත කරනු ලැබූ මේ පුස්තකාලය ගමට කෙරෙන ලොකුම සේවයක් වශයෙන් මම දකිනවා. අපේ දරුවන් පොතපත කියවන්න පුරුදු
කරන්න පුළුවන් වෙන්නේ පුස්තකාලය පාවිච්චි කළොත් විතරයි. අපි හුඟක් තැන්වල දකින්නේ පුස්තකාලවල තියෙන පොත්පත් අල්මාරියේ දමලා වහලා තියෙනවා. පුස්කොළ පොත් වේවා,
අනෙකුත් පොත් වේවා සියල්ල සමහර වෙලාවට පාවිච්චි වෙන්නේ නෑ. අල්මාරියේ දාලා වහලා තියෙනවා. මං හිතන්නේ අල්මාරියෙන් මේවා එළියට අරගෙන දරුවන් මේවා පාවිච්චි කරන්න,
පොත්පත් කියවන්න පුරුදු විය යුතුයි.
පාසල් පොත්පත් විතරත් නෙවෙයි, නවකතා වේවා, කෙටිකතා වේවා, දැනුම ලබා ගන්න දේවල් පුස්තකාලය තුළ තිබෙනවා. ඒ දේවල් පාවිච්චි කිරීම ඉතා වැදගත් වෙනවා. එහෙම නැතුව
පුස්තකාලය වහලා තිබුණට පුස්තකාලය පාවිච්චි කෙරෙන්නේ නැත්නම් ඒවායින් වැඩක් ඇතිවෙන්නේ නෑ.
අපි දන්නවා හාමුදුරුවනේ, පසුගිය කාලය තුළ අධ්‍යාපනය විතරක් නෙවෙයි, ආර්ථිකයේ ඉඳලා සෑම අංශයෙන්ම පිරිහිලා තිබුණේ. ඒක නැවත ගොඩනගන්න ඕන.
අපි මහින්දෝදය විද්‍යාගාර 1000 ක් හදනවා. සමහර පාසල්වල මේ විද්‍යාගාර විවෘත කරගන්න බැරිවුණා. සමහර පාසල්වල හදලත් මහින්දෝදය විද්‍යාගාරය විවෘත කරලා නෑ. හැම පාසලකටම
කම්පියුටර් 10ක්වත් ලබා දීමේ වැඩ පිළිවෙළකට අපි අවතීර්ණ වුණා. ඇමතිතුමා ඒ යෝජනාව ඉදිරිපත් කරලා එහි වැඩ ආරම්භ කළා.
අපි දැනගන්න ඕන ලෝකයත් එක්ක ඉදිරියට යන්න. දරුවො ඉදිරියට මිසක් ආපස්සට යන්න හොද නැහැ. ඒක දරුවන්ගේ යුතුකමක්. දෙමව්පියන්ගේත් යුතුකමක් තියෙනවා. ඒ වගේම තමයි
පතපොතට විතරක් සීමා වෙන්න ඕන නෑ අපේ දරුවෝ. දරුවෝ ක්‍රීඩාවලටත් යොමු කිරීමත් දෙමව්පියන්ගේ කාර්යයක් කියලා මම දකිනවා.
අද වෙලා තියෙන්නේ ටියුෂන් පන්ති යනවා විතරයි. සෙල්ලම් කරන්න වෙලාවක් නෑ. තමන්ගේ වයසේ දරුවො එක්ක සෙල්ලම් කරන්න වෙලාවක් නෑ. එවැනි තත්ත්වයක් ඇතිවෙලා
තියෙනවා.
අපි ඒක හින්දා දරුවන්ව තවත් ක්‍රීඩාවලට උනන්දු කරන්න. අධ්‍යාපනයටත් උනන්දු කරන්න. බියගම මහින්ද රාජපක්ෂ ජාත්‍යන්තර ක්‍රීඩා භූමියේ අපි ක්‍රීඩා විශ්වවිද්‍යාලයක් ආරම්භ කරන්න
කටයුතු කරනවා. මෙය අලුත් විශ්ව විද්‍යාලයක් ක්‍රීඩා සම්බන්ධයෙන්. මේ දේවල් කරන්නේ අපි අපේ අනාගත දරුවො වෙනුවෙන්. ඉතින් ඒවයේ ප්‍රයෝජන ලබා ගැනීමට දරුවො උනන්දු විය
යුතු යැයි මම විශ්වාස කරනවා යැයි පැවසීය.