මාර්තු 06, 2025
tami eng youtube  twitter facebook

    විහාරස්ථාන දියුණු කිරීමට රජයෙන් සැලැස්මක් සහිත නව වැඩපිලිවෙලක්

    මාර්තු 01, 2020

    දිවයිනේ විහාරස්ථාන දියුණු කිරීමට රජය සැලැස්මක් සහිත නව වැඩපිලිවෙලක් ක්‍රීයාත්මක කිරිමට අපේක්ෂා කරන බවත් දැනටමත් ඒ පිලිබඳ බුද්ධශාසන අමාත්‍යාංශය වාර්ථාවක් සකස් කරමින් පවතින බවත් අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා පවසයි.

     

    ඓතිහාසික වගේගොඩ පුරාණ රජමහා විහාරය පූජා භූමියක් ලෙස ප්‍රකාශයට පත්කර සන්නස්පත්‍ර පිළිගැනීමේ මහෝත්සවය අමතමින් අග්‍රාමාත්‍යවරයා මේ බව සඳහන් කළේය.

    ඓතිහාසික වගේගොඩ පුරාණ රජමහ විහාරයේ පැවති පුණ්‍ය උත්සවයේ දී මා වගේගොඩ පුරාණ රජමහා විහාරාධිපති ශාස්ත්‍රපති පණ්ඩිත දඹරැල්ලෙ වනරතන නාහිමියන් වෙත නව පූජා භූමිය පිළිබඳ සන්නස් පත්‍රය පිළිගැන්වීම සිදු කරනු ලැබීය.

     

    මෙම අවස්ථාවේදී වැඩිදුරටත් අදහස් දැක්වූ අග්‍රාමාත්‍යවරයා;

    අද වගේගොඩ පුරාණ රන්කොත්ම විහාරස්ථානය පූජා භූමියක් ලෙස ප්‍රකාශයට පත් කිරීමට සහ එහි සන්නස් පත්‍රය පිරිනැමීමට හැකිවීම පිළිබඳව අපි ඉතාමත් සන්තෝස වෙනවා. විශේෂයෙන්ම තංගල්ල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයේ වගේගොඩ ග්‍රාමයේ පිහිටා තිබෙන මෙම රන්කොත්ම`ඵ විහාරස්ථානයට අනුරාධපුරය දක්වා ඈතට විහිදුණු ඉතිහාසයක් තිබෙන බව ඔබ දන්නවා. එදා ජනප්‍රවාදයේ තිබෙන්නේ ගෝඨාභය කියන උප රජු විසින් මහවැලි ඟඟෙන් උතුරෙහි සහ දකුණෙහි විහාර 500 බැගින් සෑදූ බවයි. ඒ අනුව රන්කොත්මළු විහාරය මහවැලි ගඟෙන් දකුණෙහි කරවන ලද විහාර පන්සීයෙන් එකක් බව මහා වංශයේ ප්‍රකාශ කරනවා.
    මේ විහාරස්ථානයේ පුරාවිද්‍යාත්මක කැණීම් වලින් අනුරාධපුරය, පොලොන්නරුව, ගම්පොළ සහ කෝට්ටේ යන යුගවලට අයිති පුරාවස්තු රාශියක් හමවූ බව අපි දන්නවා. ඒ වගේම මේ විහාරස්ථානය වටා ගෙතුණු ජනප්‍රවාද කතා රාශියක් තිබෙනවා. අපි මේ විහාරස්ථානයත් එක්ක ඉතා කිට්ටු සම්බන්ධකම් පවත්වනවා.

    අපේ නායක හාමුදුරුවෝ, පොඩි හාමුදුරුවොත්, විදුහල්පති හාමුදුරුවොත් මේ ප්‍රදේශයේ සංවර්ධන කටයුතු වලදී දක්වන දායකත්වය අගය කළ යුතුයි. තංගල්ල රෝහල පිළිබඳව තංගල්ල පාසල වැඩිදියුණු කිරීම පිළිබඳව කතා කරන කොට කොහෙන්ද මේකට ඉඩම් හොයාගන්නෙ කියලා මතක් වෙන කොට මත මතක් වෙන්නේ ඔබ වහන්සේගේ රන්කොත්ම`ඵ විහාරස්ථානයයි.
    මේ විහාරස්ථානයේ හාමුදුරුවරු කිසිම ගැටළුවක් නැතුව රටේ උවමනාවක් තිබෙන ඕනම වෙලාවක දායකත්වය ලබා දෙන්න සූදානමින් ඉන්නවා කියන එක අපිට විශාල සන්තෝෂයක්. මේ ඉඩම් වලින් කොටසක් රටේ සංවර්ධනයට, රටේ අවශ්‍යතාවයට, ප්‍රදේශයේ අවශ්‍යතාවයට රෝහලක් වේවා පාසලක් වේවා හදන්න ශක්තියක් අපිට ලැබෙන කොට මේ පන්සලටත් ඒක එළියක් වෙනවා. ගමටත් එළියක් වෙනවා පන්සලේ වටිනාකමත් වැඩිවෙනවා කියන එක මම කියන්න කැමතියි.

    රංකොත්මළු විහාරය දකුණේ තිබෙන රජමහා විහාරස්ථාන වලින් විශේෂ තැනක් ගන්නවා. පසුගිය කාලයේ මේ ප්‍රදේශයට අවධානයක් යොමුවෙලා තිබුණේ නැහැ. මේ රජයෙන් මේ පළාත පිළිබඳව විශේෂයෙන් අවධානය යොමු කරලා මේ විහාරස්ථාන ගොඩනගන්න කටයුතු කිරීම අපේ වගකීමක් සහ යුතුකමක් හැටියට මම දකිනවා. පසුගිය කාලයේ සමහර පන්සල් වලට ලක්ෂ හාරසියය පන්සියය ලබාදීලා තිබෙනවා. ඒ ගොඩනැගිලි වල කොටසක් හදාගන්නයි. හැබැයි සත පහක් වත් දීපු නැති සමහර ගොඩනැගිලි වල අත්තිවාරම් විතරක් දාගත්ත පන්සලුත් තියෙනවා. රටේ මූලික මුදල් ප්‍රමාණයෙන් තමයි මේ තරම් මුදලක් වියදම් කරලා තියෙන්නේ. ඒක නිසා අපිට දැන් ප්‍රශ්නයක් තියෙනවා. කොහොමද අනිත් විහාරස්ථාන වලට උදව් කරන්නෙ කියන එක. වැඩ පිළිවෙළක් සැලැස්මක් ඇතුව අනිකුත් පන්සල් ගොඩනගන්න අපි උත්සාහ කරනවා. සමහර පන්සල් වල අද වැසිකිලි කැසිකිලි වත් නැති තත්ත්වයක් තිබෙනවා.

    සමහර පන්සල් වල හරියාකාරව ආවාස ගෙයක් නැහැ. පන්සලක් ගොඩනැගෙන්න නම් ආවාසේ හරියට තියෙන්න ඕනේ. හාමුදුරු කෙනෙක් නවත්ත ගන්නෙ නැතුව පන්සලක් ගොඩනඟන්න බැහැ. පන්සලේ මුලින්ම හදන්න ඕනේ ස්ථානය තමයි හාමුදුරුවන්ට ඉන්න පුළුවන් ස්ථානය. ඒ තත්ත්වය ගොඩනඟන්න දැනටමත් අමාත්‍යංශය වාර්තාවක් සකස් කරමින් පවතිනවා. ඒ වාර්තාව ලැබුණ විගස ඒ වැඩපිළිවෙළ ක්‍රියාත්මක කරන්න අපි බලාපොරොත්තු වෙනවා.

     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya