මේ පිළිබඳව නිවේදනයක් නිකුත් කරන ජාතික ළමා ආරක්ෂක අධිකාරිය මෙසේ සඳහන් කරයි.
මේ දිනවල සමාජජාල මාධ්‍ය හරහා හුවමාරු වන හා දැඩි කතාබහට ලක්වී ඇති, වයස අවුරුදු 6ක් පමණ වන කුඩා දැරියක් ලිංගික අපයෝජනයට ලක් කරනු ලබන වීඩියෝ පටය හා සම්බන්ධ තොරතුරු දන්නා යම් අයෙක් හෝ එම දැරිය හඳුනා ගත් යම් අයෙක් සිටී නම්, ඒ පිළිබඳව තොරතුරු ළඟම ඇති පොලිස් ස්ථානයට හෝ ජාතික ළමා ආරක්ෂක අධිකාරියට පැමිණ හෝ 1929 ළමා උපකාරක දුරකථන අංකයට හැකි ඉක්මණින් දැනුම් දෙන මෙන් කාරුණිකව ඉල්ලා සිටිමු.